
වසර 13 කට පෙර මෙල්බර්න් හිදී රිය අනතුරක් සිදුකර ශිෂ්‍යයෙකු මරණයට පත්කර පළාගිය පුද්ගලයෙකු ඉන්දියාවේ දිල්ලි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
2008 වසරේදී සිදුවූ මෙම රිය අනතුරට අදාළව Puneet Puneet අත්අඩංගුවට ගනු ලැබුවද පසුව ඔහු ඇප මත මුදා හැරණා.
එහිදී සිය මිතුරාගේ ගමන් බලපත්‍රය උපයෝගී කරගනිමින් මෙම සැකකරු දඩුවම් නියම කිරීමට පෙර ඉන්දියාවට පළා ගොස් තිබුණා.

කෙසේවෙතත් වසර 04 කට පමණ පසු සිය විවාහ දිනයේදී මොහු නැවතත් අත්අඩංගුවට ගත්තද නඩු විභාගය අතුරතුර යළිත් අතුරුදන්වී තිබිණ.
Dean Hofstee නම් එවකට 19 හැවිරිදි වියෙහි පසුවු තරුණයාගේ මරණය එවක ඔස්ටේ්‍රලියා සමාජය තුළ දැඩි කථාබහකට ලක්විය.
