Day: September 3, 2021

වික්ටෝරියාවේ දිනක​ කොවිඩ් ආසාදිතයින් 200 සීමාව පසු කරද්දී එක් මරණයක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 208 ක් හමුව ඇත. එක් මරණයක් ද වාර්තා වේ. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1180 කි. ඊයේ දිනයේදී (02) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 48,572 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 33,511 ක් ලබා දී තිබේ.

Read More »

මෙල්බර්න් අවන්හල් – Child care – වෙළඳසැල් ගණනාවක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

මෙල්බර්න් නගරයේ අවන්හල් – Child care ඇතුලු ස්ථාන ගණනාවක් කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුවට නම් කර තිබේ. Altona North – Broadmeadows – Tarneit – Werribee ඇතුලු ප්‍රදේශ ගණනාවක් ඒ අතර වෙයි. වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම කොවිඩ් අවධානම් ලැයිස්තුව පහතින්. https://www.coronavirus.vic.gov.au/exposure-sites

Read More »

නින්දේදි දුටු අංකවලින් ACT තරුණයෙක් ඩොලර් මිලියන 20 ක් දිනයි

ඩොලර් මිලියන 20 ක් වටිනා Powerball jackpot ලොතරැයිය ඊයේ ජයගෙන ඇත්තේ ACT හි පදිංචි තරුණ යුවළක් විසින්. එම ජයග්‍රහණය පිළිබඳ අපූරු කථා 02 ක් ඔස්ටේ‍රලියානු මාධ්‍ය වාර්තා කර තිබේ. දිනුම පිළිබඳ දැනුම්දීමට ලොතරැයි බළධාරීන් විසින් අදාළ තරුණයාට දුරකථනය ඔස්සේ අමතා ඇතත් මුල් අවස්ථා 02 දීම ඔහු ඊට පිළිතුරු දී නොමැත්තේ කිසියම් අසතුටුදායක පුවතක් යැයි සිතීමෙනි. එහෙත් 03 වන වර ඔහු දුරකථනයට ප්‍රතිචාර දක්වා ඇති අතර එහිදී තමන් ජයග්‍රාහකයා බව දැන ගැනීමත් සමග ඔහු පුදුමයට පත්

Read More »

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 14 ක ජයක්

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 14 ක ජයක් හිමි වෙයි. දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ළකුණු 300 ක් රැස්කලා. අවිෂ්ක ප්‍රනාන්දු 118 යි. චරිත් අසලංක 72 ක් ද ධනංජය ද සිල්වා 44 ක් ද ලබාගත්තා. කේෂව් මහරාජ් ළකුණු 30 කට කඩුලු 02 ක් බිඳ හෙලුවා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලබාගත

Read More »