Day: September 3, 2021

මෙල්බර්න් තටාකයකදී තරුණියකට අතවර කල අයෙකු සොයා විමර්ශන

මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ පිහිණුම් තටාකයකදී තරුණියකට ලිංගික අතවර කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට Victoria පොලිසිය මහජන සහය පතනවා. පසුගිය ජනවාරි මාසයේදී සිදුව ඇති මෙම අපරාධයට සම්බන්ධ සැකකරුගේ ඡායාරූපයක් අද මාධ්‍ය වෙත මුදා හැරිණ. Craigieburn, Central Park Avenue හි පිහිටා ඇති තටාකයකදී සිය මිතුරියන් පිරිසක්ද සමග ක්‍රීඩාවේ නිරතවෙමින් සිටි 16 හැවිරිදි තරුණියක මීට මුහුණදී තිබේ. එහිදී එක්වරම පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අතුරින් අයෙකු තමාට කිසියම් ලිංගික අතවරයක් කල බවයි අදාළ තරුණිය පවසා ඇත්තේ. මැද පෙරදිග පෙනුමක් ඇති සැකකරුගේ

Read More »

ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ යුතුකම් ඉටු කරති

ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන තරුණ තරුණියන් පිරිසකගේ ධන පරිත්‍යාගයන් පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත රුපියල් ලක්ෂ 30 ක පමණ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කෙරිණි. කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතාගේ මාර්ගයෙන් එම වෛද්‍ය උපකරණ ලබා දීම සිදු කෙරිණි. එම වෛද්‍ය උපකරණ තොගය පානදුර කේතුමතී රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය නයනජිත් කොමසාරු මහතා වෙත කළුතර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා ලබා දුන් අයුරු

Read More »

NSW ඊයේ කොවිඩ් මරණ 12 ක් – ආසාධිතයන් 1432 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී කොවිඩ් මරණ 12 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 175 කි. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊයේ දිනයේදී වාර්තා වී ඇති ආසාධිතයන් ගණන 1432 කි. දැනට 979 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 160 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. https://twitter.com/NSWHealth/status/1433596210053402625?s=20

Read More »

වික්ටෝරියා skilled visa යටතේ මෙවර වැඩිම ආරාධනා පත්‍ර සෞඛ්‍ය අංශයට

වික්ටෝරියා ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ Target sectors 7 න් 6 ක රැකියා කරන අයදුම්කරුවන් සඳහා ආරාධනා පත්‍ර (Invitation) නිකුත් කර ඇත. එහිදී සෞඛ්‍ය අංශයේ රැකියා කරන අයදුම්කරුවන් සඳහා වැඩිම ආරාධනා පත්‍ර ගණනක් යවා ඇත. සෙසු අංශ සඳහා 62% ක ආරාධනා පත්‍ර සංඛ්‍යාවක් යවා තිබේ. 190 වීසා පළමු ආරාධනා පත්‍ර වටයට අදාළව ආරාධනා පත්‍ර 170 ක් නිකුත් කළ බව වික්ටෝරියා ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි. Source : https://liveinmelbourne.vic.gov.au/news-events/news/2021/skilled-migration-update-roi-selections

Read More »

මෙල්බර්න් එක් එක් LGA හි කොවිඩ් ආසාධිතයන් මෙන්න / Casey මුල් ස්ථාන 07 ට

මෙල්බර්න් හි එක් එක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශවලින් මේ දක්වා හඳුනාගත් කොව්ඩ් ආසාධිතයන් සහ දැනට සිටින සක්‍රීය කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යා පිළිබඳ වාර්තා නිකුත් කර තිබේ. ඊට අනුව මේ දක්වා වැඩිම ආසාධිතයන් පිරිසක් හමුවී ඇත්තේ Wyndham – Brimbank – Hume – Whittlesea – Melton – Moreland – Casey ප්‍රදේශවලිනි. දැනට වැඩිම සක්‍රීය ආසාධිතයන් සිටින පළාත් පාලන ආයතන ලෙස හඳුනාගෙන ඇත්තේ Hume – Hobsons Bay – Wyndham – Greater Shepparton යි. එම සමස්ත වාර්තාව පහතින් :

Read More »