මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ පිහිණුම් තටාකයකදී තරුණියකට ලිංගික අතවර කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට Victoria පොලිසිය මහජන සහය පතනවා.
පසුගිය ජනවාරි මාසයේදී සිදුව ඇති මෙම අපරාධයට සම්බන්ධ සැකකරුගේ ඡායාරූපයක් අද මාධ්‍ය වෙත මුදා හැරිණ.
Craigieburn, Central Park Avenue හි පිහිටා ඇති තටාකයකදී සිය මිතුරියන් පිරිසක්ද සමග ක්‍රීඩාවේ නිරතවෙමින් සිටි 16 හැවිරිදි තරුණියක මීට මුහුණදී තිබේ.
එහිදී එක්වරම පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අතුරින් අයෙකු තමාට කිසියම් ලිංගික අතවරයක් කල බවයි අදාළ තරුණිය පවසා ඇත්තේ.
මැද පෙරදිග පෙනුමක් ඇති සැකකරුගේ ඡායාරූපයක් මෙලෙස නිකුත් කර ඇත.
Pic – VIC police