නින්දේදි දුටු අංකවලින් ACT තරුණයෙක් ඩොලර් මිලියන 20 ක් දිනයි

ඩොලර් මිලියන 20 ක් වටිනා Powerball jackpot ලොතරැයිය ඊයේ ජයගෙන ඇත්තේ ACT හි පදිංචි තරුණ යුවළක් විසින්.

එම ජයග්‍රහණය පිළිබඳ අපූරු කථා 02 ක් ඔස්ටේ‍රලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

දිනුම පිළිබඳ දැනුම්දීමට ලොතරැයි බළධාරීන් විසින් අදාළ තරුණයාට දුරකථනය ඔස්සේ අමතා ඇතත් මුල් අවස්ථා 02 දීම ඔහු ඊට පිළිතුරු දී නොමැත්තේ කිසියම් අසතුටුදායක පුවතක් යැයි සිතීමෙනි.

එහෙත් 03 වන වර ඔහු දුරකථනයට ප්‍රතිචාර දක්වා ඇති අතර එහිදී තමන් ජයග්‍රාහකයා බව දැන ගැනීමත් සමග ඔහු පුදුමයට පත් වි තිබේ.

ලොතරැයියේ ජයග්‍රාහී අංක තේරීම ගැනද ඔහු අනාවරණය කර තිබිණ.

දින 02 කට පෙර නිදා ගැනීමට යාමේදී එක්වරම මතකයට පැමිණි අංක කිහිපයක් එලෙස සටහන් කල බවයි මෙම තරුණයා පවසා ඇත්තේ.

මෙම මුදලින් පළමුවෙන් නිවසක් මිළදී ගෙන ඉතිරි මුදල අනාගත කටයුතු වෙනුවෙන් යොදවන බවද තරුණයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »