Search

ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කෙරේ

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දැනට පනවා ඇති සංචරණ සිමා නැවතත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.

අද දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ රැස්වීමේදී එම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය නැවතත් සැප්තැම්බර් මස 13 වෙනිදාදක්වා දීර්ඝ කර තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියේ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් අගෝස්තු 20 වෙනිදා සිට 31 වෙනිදා දක්වා නිරෝධායන ඇඳිරි නිතිය පනවනු ලැබූ අතර පසුව අගෝස්තු 28 වෙනිදා එය නැවතත් සැප්තැම්බර් මස 06 වෙනිදා දක්වා දීර්ඝ කරනු ලැබුවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »