ඔස්ට්‍රේලියාවේ කුලී රථ වංචාවන් පාලනයට නව තාක්ෂණය

වංචනික ආකාරයෙන් ක්‍රියාත්මක වන කුලී රථ පාලනය කිරීමේ අරමුණින් කුලී රථ සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

ව්‍යාජ කුලී රථ රියදුරන් මගීන් අපහසුතාවට පත් කර වැඩි මුදල් ලබා ගැනීම නතර කර දැමීම සඳහායි මෙලෙස ඔස්ට්‍රේලියාව පුරා ඇති කුලී රථවලට නව තාක්‍ෂණයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත්තේ.

නමුත් විචාරකයින් පවසන්නේ නොදැනුවත්වම පාරිභෝගිකයින්ගෙන් වැඩිපුර මුදල් අයකිරීමෙන් ආරක්ෂා කිරීමට මෙම තාක්ෂණය ප්‍රමාණවත් නොවන බවයි.

නව තාක්‍ෂණය මඟින් වාහනයේ ඇති ගෙවීම් පුවරුව එහි ධාවන මීටරයට සෘජුවම සම්බන්ධ කෙරෙන අතර කුලී රථයක සේවාවට අදාළ තොරතුරු සහිත ස්ටිකරයක් ඇත්නම් රියදුරු එයට අනුකූලව කටයුතු කළ යුතු වනවා.

ගමන අවසානයේදී ගෙවිය යුත්තේ මීටර ගාස්තුව පමණක් බව දන්නා මගීන්ට මෙය බාධාවකින් තොර අත්දැකීමක් බවයි කැබ් චාර්ජ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ගැරී බෙකස් ප්‍රකාශ කළේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත රජය පැවසුවේ මිල වැඩි කරන රියදුරන් සඳහා දඬුවම් ක්‍රියාත්මක වන නමුත් එම දඬුවම් ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවන බවයි.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »