පර්ත් අගනුවර වැඩි පිරිසක් ගිනි අවි රජයට භාරදෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි මිලට ගැනීමේ රජයේ වැඩසටහන ප්‍රධාන සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා.

ඒ ප්‍රාන්තයේ නව තුවක්කු ප්‍රතිසංස්කරණ නීති ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ පරීක්ෂාවට ලක්වීම හේතුවෙන්.

යෝජිත නීති සම්පාදනය දැඩි විවාදයකට ද තුඩු දී ඇති අතර විපක්ෂය චෝදනා කරන්නේ සීමාවන් යටපත් කිරීමට රජය උත්සාහ කරන බවටයි.

මේ වන විට ගිනි අවි 10,000කට වැඩි ප්‍රමාණයක් හිමිකරුවන් විසින් රජයට භාර දී ඇති අතර, ඒවා මිලදී ගැනීම සඳහා ප්‍රාන්ත රජයට ඩොලර් මිලියන 3.8කට අධික මුදලක් වැය වී ඇති බවයි පැවසෙන්නේ.

එලෙස භාරදී ඇති ආයුධවලින් 1043ක් හෑන්ඩ් ගන්ස් වන අතර 2521ක් ෂොට් ගන් සහ රයිෆල් 6466ක් වනවා.

ගිනි අවි භාර දුන් පුද්ගලයන්ගෙන් බහුතරයක් පර්ත් අගනගරයේ පදිංචිව සිටි අය බව ද සඳහන්.

පොලිස් අමාත්‍ය පෝල් පැපාලියා පැවසුවේ බටහිර ඔස්ට්‍රේලියාවේ අනවශ්‍ය ගිනි අවි විශාල ප්‍රමාණයක් ඇති අතර මෙම නීති මගින් බටහිර ඔස්ට්‍රේලියාවේ වීදිවලින් ඒවා ඉවත් කරනු ඇති බවයි.

ගිනි අවි සම්බන්ධ නව නීති පිළිබඳ විවාදය ඊයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේදී ආරම්භ වූ අතර එය සම්මත වුවහොත්, පුද්ගලයෙකුට සතුව තිබිය හැකි ගිනි අවි සංඛ්‍යාවට සීමා පැනවූ රටේ පළමු අධිකරණ බල ප්‍රදේශය බවට බටහිර ඕස්ට්‍රේලියාව පත්වනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »