එන්නත් ගෙන නොමැති වික්ටෝරියා වාසීන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුලුවීම තහනම්

කොවිඩ් එන්නත් ලබාගෙන නොමැති වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුලුවීමට අවසර නොදෙන නව නීතියක් ගෙන එන බව ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පවසයි.

සියයට 70-80 එන්නත් ඉලක්කය සපුරාලීමත් ප්‍රාන්ත සීමා විවෘත කිරීමත් සමග එය වහා ක්‍රියාත්මක කරන බවයි අගමැතිවරයා කියාසිටියේ.

අවන්හල් – Pubs – ක්‍රීඩාංගණ – විනෝදාත්මක ඉසව් වැනි කිසිවක් සඳහා එවැනි පුද්ගලයන්ට ඇතුලුවීමට අවසර නොදෙන බවයි ඩැනියෙල් ඇන්ඩෲස් පවසන්නේ.

ඇතැමෙකුට මෙය ඉතා දැඩි තීරණයක් යැයි තර්ක කල හැකි වුවද බහුතර පිරිසකගේ ආරක්ෂාව සලකා අකමැත්තෙන් වුවද මෙවැනි තීරණයක් ගැනීමට සිදුවන බවයි ඔහු ප්‍රකාශ කලේ.

එන්නත් ගත් පිරිසට වැඩි වරප්‍රසාදයක් දීම තවත් අරමුණක් වී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් පළමු වරට කොවිඩ් ආසාධිතයන් දිනයකදී 200 ඉක්මවා ඊයේ වාර්තා විය.

එමෛන්ම Altona North හි පදිංචිවී සිටි 60 හැවිරිදි අයෙකු මරණයට පත්වි තිබේ.

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »

අසභ්‍ය වෙබ් අඩවිවලින් ළමයින් බේරා ගන්න අලුත් වැඩක්

කුඩා ළමයින් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශණ නැරඹීම අවම කිරීමේ අරමුණින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

Read More »