මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

ඔහුගේ ප්‍රකාශය පැමිණෙන්නේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකු යුදෙව් විරෝධය අනුමත කර ඇති අවස්ථාවක වීම විශේෂත්වයක්.

අගමැතිවරයා පෙන්වා දෙන්නේ ඇතැම් විශ්වවිද්‍යාල කඳවුරුවල දක්නට ලැබෙන වෛරය සහ නොදැනුවත්කම පිළිබඳ උදාහරණ නිසා තමා කලකිරීමට පත් වූ බවයි.

සඳුදා රාත්‍රියේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති යුදෙව් උත්සවයක් කඩාකප්පල් කළ පලස්තීන ගැති පෙලපාලිකරුවන් අගමැති ඇන්තනි ඇල්බනීස් විවේචනය කර ඇත්තේ සරසවි කිහිපයකම එවැනි සිදුවීම් වාර්තා වෙමින් ඇති අවස්ථාවකයි.

ත්‍රස්තවාදී ප්‍රහාරවලින් මියගිය සොල්දාදුවන් සහ ඊශ්‍රායල වින්දිතයන් අනුස්මරණය කිරීමට යුදෙව් සිසුන් ඊයේ විශ්ව විද්‍යාලයට රැස්වී තිබුණා.

වික්ටෝරියා පොලිසිය පැවසුවේ යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින් 1000ක් පමණ සහභාගී වූ මෙම උත්සවයට විරෝධතාකරුවන් 300ක් පමණ එක්රැස්ව සිටි බවයි.

කණ්ඩායම්වල සාමාජිකයන් අතර ගැටුම් කිහිපයක් ඇති වූ නමුත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජනපදයේ දක්නට ලැබෙන පරිදි පලස්තීන හිතවාදී කඳවුරු ප්‍රචණ්ඩ ලෙස විසුරුවා හැරීමකට මුහුණ දිය හැකි බවයි.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »