Search

උතුරු කොරියාවෙන් ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක්

මිලිටරි මැදිහත්වීම් සම්බන්ධයෙන් උතුරු කොරියාව විසින් ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ චීන ප්‍රහාරක ජෙට් යානයක් සමඟ හෙලිකොප්ටර් යානයක් කොරියානු අර්ධද්වීපයට ඔබ්බෙන් වූ නාවික හමුදා කළපය තුළ සිදුකළ මිලිටරී අත් හදාබැලීම් හේතුවෙන් බව සඳහන්.

කලාපය අස්ථාවර කරන බවට චෝදනා කරමින් උතුරු කොරියාවේ විදේශ අමාත්‍යාංශය එක්සත් ජනපදයට සහ ඔස්ට්‍රේලියාව ඇතුළු එහි මිත්‍ර රටවලට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝණය කර, නිරීක්ෂණය කිරීම් යැයි පවසමින් ඇමරිකාව ඇතුලු ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයේ රටවල් මෑතකදී ආසියා-පැසිෆික් කලාපයට මිලිටරි මැදිහත්වීම් සිදු කරන බවයි උතුරු කොරියාව සඳහන් කර ඇත්තේ.

උතුරු කොරියාව ලිපියක් මගින් මේ බව දන්වා ඇති අතර ඔස්ට්‍රේලියානු යුද නැවක් කොරියානු අර්ධද්වීපය අවට මුහුදේ සැරිසැරීම මෙන්ම හමුදා හෙලිකොප්ටරයක් ගමන් කිරීම රටක සමුද්‍ර හා ගුවන් ආරක්ෂාවට තර්ජනයක් බව එහි සඳහන්.

එමඟින් භයානක සන්නද්ධ ගැටුමක් ඇතිවීමේ හැකියාවක් නිර්මාණය වන බවයි එමගින් වැඩිදුරටත් දන්වා ඇත්තේ.

ජාත්‍යන්තර නීතිවලට අනුකූලව කටයුතු කරන මුවාවෙන් ඇමරිකාව ඇතුලු රටවල් කිහිපයක් උතුරු කොරියාවේ හෞමික අඛණ්ඩතාවට තර්ජනයක් මතු කරන බව ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් මේ චෝදනා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »