
පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.
සැමියා හැර ගොස් ඇති ඇය පුත්‍රයා සමග තනි මවක් ලෙස ජීවිතය ගත කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සමිරා හුසේන්පූර් ලෙස හඳුනාගෙන ඇති 35 හැවිරිදි ඇය උදෑසන 7.15ට පමණ ඇය සේවය කළ කම්හලේ රාත්‍රී වැඩ මුරය අවසන් කර රිය පදවමින් සිටියදී වෙනත් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණා.

වැරදි දිශාවෙන් පැමිණි මෝටර් රථයක් මෙම කාන්තාව ගමන් කළ රථයේ ගැටී ඇති බවයි පැවසෙන්නේ.
ඇය එම ස්ථානයේදීම මිය ගිය අතර එහි ගමන් කළ 34 හැවිරිදි තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.

අනතුරට සම්බන්ධ මෝටර් රථයේ 20 හැවිරිදි රියදුරු ද බරපතල තුවාල සහිතව රෝහල් ගත කර තිබූ බව සඳහන්.
සමිරා සේවය අවසන් කර තම 13 හැවිරිදි පුතාව පාසලට රැගෙන යාමට බලාපොරොත්තුවෙන් නිවස බලා පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි ඇයගේ සහෝදරිය වූ සයිනාබ් හුසේන්පූර් ප්‍රකාශ කළේ.
එම පුත්‍රයා තම පියා නොදැන සිටි නිසා ඔහු තම මවට ඇදහිය නොහැකි තරම් සමීපව සිටි බව ද ඇය සඳහන් කර තිබෙනවා.