Day: August 30, 2021

පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

2020 පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් හිමිවුණා. මීට ස්වල්ප වේලාවකට පෙර අවසන්වූ පිරිමි හෙල්ල විසිකිරීමේ එෆ් 64 කාණ්ඩයේ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කල දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුණා. ඒ මීටර් 65 යි දසම 6 යි 1 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින්. අද පෙරවරුවේ පැවති තරග ඉසව්වකදී ශ්‍රී ලංකාවට මුල් වරට පැරලිම්පික් රන් පදක්කමක් දිනා දීමට ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වුණා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ මුලු කොවිඩ් මරණ 1000 ඉක්මවයි

ඔස්ටේ්‍රලියාවේ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා ගොස් තිබේ. ඒ අද දිනයේදී වාර්තාවී ඇති මරණ 04 ත් සමගයි. මෙම මරණ කුමන ප්‍රාන්තවලින්දැයි හෙට උදාසන නිකුත්වන සංඛ්‍යාලේඛණ වාර්තාවලින් දැනගත හැකිවේ. ලොව පුරා කොවිඩ් තොරතුරු වාර්තා කරන Worldometers දර්ශකය පහතින්.  

Read More »

මෙල්බර්න් මවකගෙන් සානුකම්පිත ඉල්ලීමක්

Lockdown සමයේ තම දියණියට අවශ්‍ය hydrotherapy ප්‍රතිකාර සඳහා අවසර දෙන ලෙස මෙල්බර්න් මවක ඉල්ලීමක් කර සිටී. King Lake හි පදිංචි Tahli Prohasky නම් මෙම මවගේ දියණිය Gypsie ට වයස අවුරුදු 07 කි. ඇය ස්නායු ආබාධයකින් පෙළෙන අතර කථන ආබාධ ද සහිතය. hydrotherapy ප්‍රතිකාර සඳහා නිරතුරුවම මෙම දැරිය අදාළ ජල තටාක (Pools) වෙත රැගෙන යා යුතු නමුත් පවතින Lockdown තත්වය හමුවේ එය අසීරු වී ඇත. කිසියම් අයුරකින් ප්‍රමානවත් තරම් ප්‍රතිකාර නොලැබුණහොත් සිය දියණියගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන්ද අනතුරක්

Read More »

අතුරුදන්ව සිටින “මිලංකා” සොයා ගැනීමට වික්ටෝරියා පොලිසිය සහය පතයි

අතුරුදන්ව සිටින 36 හැවිරිදි මිලංකා නම් කාන්තාවක සොයාගැනීමට වික්ටෝරියා පොලිසිය මහජන සහය පතයි. Hallam Road සහ Heatherton Road අතර Narre Warren North හිදී ඇය අවසන් වරට දැක ඇත්තේ පසුගිය ජූලි 31 වනදායි. Noble Park, Dandenong, Springvale, Narre Warren, Doveton, Frankston & Dingley Village යන ප්‍රදේශවල ඇය නිතර සැරිසරා තිබිණ. කිසයම් අයෙකු මෙම තැනැත්තිය පිළිබඳ තොරතුරක් දන්නේ නම් 03 9705 3111 අංකයෙන් Narre Warren පොලිසිය දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කෙරේ.   Pic – VIC Police

Read More »

Lockdown අවසන් කරන ලෙස ඉල්ලා ක්වීන්ස්ලන්ත ට්‍රක් රියදුරන් විරෝධතාවක

lockdown කිරීම් සහ ප්‍රාන්ත සීමා වසා දැමීම් අවසන් කරන ලෙස ඉල්ලා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ට්‍රක් රථ රියදුරන් ප්‍රධාන මහා මාර්ගයක් වන Gold Coast සහ බ්‍රිස්බේන් අතර මාර්ගය අවහිර කර විරෝධතාවක් ආරම්භ කර තිබේ. මේ අතර කොවිඩ් මර්මස්ථාන ලෙස නම් කර ඇති නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නගර සභා කලාපවල සිටින බලයලත් සේවකයින් සඳහා කොවිඩ් එන්නත ලබා ගැනීම පිණිස වේලාව වෙන් කිරීමේදී ප්‍රමුඛතාව ලබාදී ඇත. කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ගෙන් 65% ක් මේ වන

Read More »