Day: August 30, 2021

කාර්යාලය තුළදී හදිසියේ රෝගාතුර වූ ටස්මේනියා අගමැති රෝහල්ගත කෙරේ

සිය කාර්යාලය තුළදී හදිසියේ රෝගාතුර වූ ටස්මේනියා ප්‍රාන්ත අගමැති Peter Gutwein වහා රෝහල්ගත කර තිබේ. හෝබාර්ට් හි පිහිටි සිය කාර්යාලයේ රාජකාරි කරමින් සිටින අතරතුර ඔහු රෝගාතුර වී ඇති අතර වහා වෛද්‍ය ප්‍රතිකාර කැඳවා තිබේ. ඔහුගේ කාර්යාලය නිවේදනය කලේ මේ වනවිට පරීක්ෂණ ගණනාවකට යොමුකර ඇති බවයි. බොහෝ දුරට ඔහු දින කිහිපයක් විවේක සුවයෙන් ගත කරනු ඇති බවද සඳහන්. එම කාලය තුළ රාජකාරි ආවරණය උප අගමැති ට පවරා තිබේ. 2020 ජනවාරි සිට ටස්මේනියා අගමැති ලෙස Peter Gutwein කටයුතු කරමින්

Read More »

NSW අගමැතිනිට ලැබී තිබූ පාර්සලයක් සමච්චලයට ලක් කල කුරියර් සේවකයාට වැඩ වරදී

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Gladys Berejiklian ට ලැබී තිබූ පාර්සලයක් සමච්චලයට ලක් කරමින් විසි කල කුරියර් සමාගමක සේවකයෙකු සේවයෙන් නෙරපා හැර තිබේ. අගමැතිනියගේ නම දැක්වෙන පරිදි එම පාර්සලය පෙන්නුම් කරන වීඩියෝවක් ඔහු විසින් සමාජ මාධ්‍යයට මුදාහැර තිබිණ. අනතුරුව ඔහු එය පාර්සල් කාමරය පුරා විසි කරන ආකාරයක් දක්නට ලැබේ. පසුව මෙම සේවකයා සිය මුව ආවරණය වෙත කෙල ගසන ආකාරයක්ද දක්නට ඇත. නිවේදනයක් නිකුත්කල CouriersPlease ආයතනය පැවසුවේ මෙම සේවකයා දැඩි වරදක් සිදුකර ඇති බැවින් ඔහු සේවයෙන් ඉවත්

Read More »

Update: නව ලෝක වාර්තාව පිහිටවූ දිනේෂ් හේරත්ට “රන්” පදක්කම

(Update 2) ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී නව ලෝක වාර්තාවක් පිහිටවූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණා. එෆ් 46 ඉසව්වේදී මීටර් 67 යි දසම 7 යි 9 ක දුරකට හෙල්ලය විසි කරමිනුයි ඔහු මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූයේ. මෙය පැරලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විසින් දිනාගත් පළමු රන් පදක්කම ලෙසද ඉතිහාස ගත වනවා. මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසුවන දිනේෂ් ප්‍රියන්ත, 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී එම

Read More »

Breaking: පැරලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක්

ටෝකියෝ පැරලිම්පික් උළෙලෙදිී ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ F-46 ඉසව්වේදී මීටර් 67 යි දසම 7 යි 9 ක දුරකට හෙල්ලය විසි කරමින්. මේවනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසුවන දිනේෂ් ප්‍රියන්ත, 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා. චමින්ද සම්පත් හෙට්ටිආරච්චි සහ සමිත දුලාන් සහභාගි වන එෆ් 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 03 යි

Read More »

අඛණ්ඩව 03 වන දිනයටත් NSW දෛනික කොවිඩ් ආසාධිතයන් 1000 ඉක්මවයි

අඛණ්ඩව 03 වන දිනයටත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් ගණන 1000 ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේදී වාර්තා වී ඇති ආසාධිතයන් ගණන 1293 කි. දැනට 840 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 137 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 149 කි. https://twitter.com/NSWHealth/status/1432146414780366853?s=20  

Read More »