
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Gladys Berejiklian ට ලැබී තිබූ පාර්සලයක් සමච්චලයට ලක් කරමින් විසි කල කුරියර් සමාගමක සේවකයෙකු සේවයෙන් නෙරපා හැර තිබේ.
අගමැතිනියගේ නම දැක්වෙන පරිදි එම පාර්සලය පෙන්නුම් කරන වීඩියෝවක් ඔහු විසින් සමාජ මාධ්‍යයට මුදාහැර තිබිණ.
අනතුරුව ඔහු එය පාර්සල් කාමරය පුරා විසි කරන ආකාරයක් දක්නට ලැබේ.

පසුව මෙම සේවකයා සිය මුව ආවරණය වෙත කෙල ගසන ආකාරයක්ද දක්නට ඇත.
නිවේදනයක් නිකුත්කල CouriersPlease ආයතනය පැවසුවේ මෙම සේවකයා දැඩි වරදක් සිදුකර ඇති බැවින් ඔහු සේවයෙන් ඉවත් කල බවයි.
