Breaking: පැරලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක් – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking: පැරලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක්

Breaking: පැරලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක්

ටෝකියෝ පැරලිම්පික් උළෙලෙදිී ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ F-46 ඉසව්වේදී මීටර් 67 යි දසම 7 යි 9 ක දුරකට හෙල්ලය විසි කරමින්.

මේවනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසුවන දිනේෂ් ප්‍රියන්ත, 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

චමින්ද සම්පත් හෙට්ටිආරච්චි සහ සමිත දුලාන් සහභාගි වන එෆ් 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 03 යි 30 ට ආරම්භ වනවා.

චමින්ද සම්පත් හෙට්ටිආරච්චි ඩුබායිහි පැවති ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී ලෝකඩ පදක්කම ද දිනා ගත්තා.

සමිත දුලාන් එම තරගාවලියේදී සිව්වන ස්ථානය දිනාගත් අතර ඔහු 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උලෙලේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.