(Update 2)
ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී නව ලෝක වාර්තාවක් පිහිටවූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණා.
එෆ් 46 ඉසව්වේදී මීටර් 67 යි දසම 7 යි 9 ක දුරකට හෙල්ලය විසි කරමිනුයි ඔහු මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූයේ.
මෙය පැරලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විසින් දිනාගත් පළමු රන් පදක්කම ලෙසද ඉතිහාස ගත වනවා.
මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසුවන දිනේෂ් ප්‍රියන්ත, 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් දෙකම දිනාගනු ලැබුවේ ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකු විසිනුයි.
———————————————————————————————————————–
(Update 1)
ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ F-46 ඉසව්වේදී මීටර් 67 යි දසම 7 යි 9 ක දුරකට හෙල්ලය විසි කරමින්.
මේවනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසුවන දිනේෂ් ප්‍රියන්ත, 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
චමින්ද සම්පත් හෙට්ටිආරච්චි සහ සමිත දුලාන් සහභාගි වන එෆ් 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 03 යි 30 ට ආරම්භ වනවා.
චමින්ද සම්පත් හෙට්ටිආරච්චි ඩුබායිහි පැවති ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී ලෝකඩ පදක්කම ද දිනා ගත්තා.
සමිත දුලාන් එම තරගාවලියේදී සිව්වන ස්ථානය දිනාගත් අතර ඔහු 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උලෙලේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.