මෙල්බර්න් මවකගෙන් සානුකම්පිත ඉල්ලීමක්

Lockdown සමයේ තම දියණියට අවශ්‍ය hydrotherapy ප්‍රතිකාර සඳහා අවසර දෙන ලෙස මෙල්බර්න් මවක ඉල්ලීමක් කර සිටී.

King Lake හි පදිංචි Tahli Prohasky නම් මෙම මවගේ දියණිය Gypsie ට වයස අවුරුදු 07 කි.

ඇය ස්නායු ආබාධයකින් පෙළෙන අතර කථන ආබාධ ද සහිතය.

hydrotherapy ප්‍රතිකාර සඳහා නිරතුරුවම මෙම දැරිය අදාළ ජල තටාක (Pools) වෙත රැගෙන යා යුතු නමුත් පවතින Lockdown තත්වය හමුවේ එය අසීරු වී ඇත.

කිසියම් අයුරකින් ප්‍රමානවත් තරම් ප්‍රතිකාර නොලැබුණහොත් සිය දියණියගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන්ද අනතුරක් උද්ගත වනු ඇතැයි Tahli Prohasky සඳහන් කර සිටී.

 

Pic – 09News

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »