Search

Lockdown අවසන් කරන ලෙස ඉල්ලා ක්වීන්ස්ලන්ත ට්‍රක් රියදුරන් විරෝධතාවක

lockdown කිරීම් සහ ප්‍රාන්ත සීමා වසා දැමීම් අවසන් කරන ලෙස ඉල්ලා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ට්‍රක් රථ රියදුරන් ප්‍රධාන මහා මාර්ගයක් වන Gold Coast සහ බ්‍රිස්බේන් අතර මාර්ගය අවහිර කර විරෝධතාවක් ආරම්භ කර තිබේ.

මේ අතර කොවිඩ් මර්මස්ථාන ලෙස නම් කර ඇති නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නගර සභා කලාපවල සිටින බලයලත් සේවකයින් සඳහා කොවිඩ් එන්නත ලබා ගැනීම පිණිස වේලාව වෙන් කිරීමේදී ප්‍රමුඛතාව ලබාදී ඇත.

කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ගෙන් 65% ක් මේ වන විට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර 35% ක් මාත්‍රා ද්විත්වයම ලබා ඇති බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

එමෙන්ම ඔක්තෝබර් මාසය වන විට මුළුමනින්ම කොවිඩ් එන්නත ලබාගත් ප්‍රාන්ත වැසියන්ගේ සංඛ්‍යාව වන 70% ඉලක්කයට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ගමන් කරමින් සිටින බවද ඇය සඳහන් කළාය.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »