Day: August 19, 2021

රට Lockdown කරන්නැයි ජනපතිට එල්ලවන පීඩනය ඉහළට

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සදහා සතියක කාලයක් රට වසා තබන්නැයි අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමිනුයි මහනාහිමිවරුන් මෙම ඉල්ලීම කර ඇත්තේ. කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අදවනවිට සමස්ත රටවාසීන් මහත් ව්‍යසනයකට පත්ව සිටින බවත් ආසාදිතයන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළයමින් පවතින බවත් අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් අවධාරණය කර තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළදී ශ්‍රී ලංකාව තුළ

Read More »

ඕස්ට්‍රේලියාව T20 ලෝක කුසලානය සඳහා සංචිතය නම් ක‍රයි

ඕස්ට්‍රේලියාව එළැඹෙන පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සිය සංචිතය නම් ක‍රයි. මෙම සංචිතයට දණහිසේ ආබාධයකට ලක්ව සිටි පන්දුවාර විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක එරොන් ෆින්ච් කැඳවා ඇති අතර හිටපු නායක ස්ටීව් ස්මිත් ද නැවත කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්. හිටපු නායක ස්ටීව් ස්මිත් ද මෙම කණ්ඩායමට එක්වන්නේ ඔහුගේ වැලමිටේ ඇතිව තිබූ ආබාධයක් හේතුවෙන් දිගු කලක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් ව සිටීමෙන් අනතුරුවයි. මීට අමතරව ඔවුන්ගේ ඉදිරිපෙළ තරු පන්තියේ ක්‍රීඩකයින් වන ඩේවිඩ් වෝනර්, ග්ලෙන් මැක්ස්වෙල්, මාකස් ස්ටොනික්ස්, පැට් කමින්ස්

Read More »

ඔස්ටේ්‍රලියාව තුළදී ඇස්ට්‍රා-සෙනෙකා, Vaxzevria ලෙස වෙනස් කෙරේ

ඔස්ටේ්‍රලියාව තුළදී ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ නම වෙනස් කිරීමට අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව මෙරටදී මින් ඉදිරියට එය හැඳින්වෙන්නේ Vaxzevria ලෙසයි. යුරෝපා සංගමයේ සහ කැනඩාවේ ක්‍රියාත්මක එන්නත් නාමකරණ රෙගුලාසි අනුව යමිනුයි ඔස්ටේ්‍රලියානු ඖෂධ අධිකාරිය මෙම තීරණය ගෙන ඇත්තේ. කෙසේවෙතත් මෙහිදී එන්නතේ නම පමණක් වෙනස් වන අතර සංඝටක හෝ රසායනික ස්වභාවයේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. ඔස්ටේ්‍රලියා තුළ භාවිතය හිමිවූ පළමු එන්නත් වර්ග 02 න් එකක් වන්නේ ඇස්ට්‍රා-සෙනෙකා යි.

Read More »

ACT ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 16 ක් – එක් අයෙකු early learning මධ්‍යස්ථානයකින්

ගතවූ පැය 24 තුළ ACT ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 16 ක් හමුවී තිබේ. එමගින් ආසාදිතයින් 5 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙලිව තිබේ. මෙලෙස වාර්තා වූ නව ආසාදිතයින් ආ ගිය ස්ථාන අතර කැන්බරා හි light rail, බස් මාර්ග, Turner හි මුල් ඉගෙනුම් මධ්‍යස්ථානයක් සහ Belconnen හි වෛද්‍ය මධ්‍යස්ථානයක් පවතී. මේ වනවිට ACT ප්‍රාන්තය තුල සක්‍රීය කොරෝනා ආසාදිතයින් 83 දෙනෙකු සිටි.  

Read More »

අවුරුදු 16 ට වැඩි ඔස්ටේ්‍රලියානුවන් සියල්ලන්ට කොවිඩ් එන්නත්

වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයන්ද කොවිඩ් එන්නත්කරණයට ලක් කිරීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා. අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ අවුරුදු 16 ත් 39 ත් අතර සියල්ලන් මේ යටතේ එන්නත්කරණයට ලක් කිරීමට නියමිත බවයි. ලබන 30 වනදා සිට ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ ෆයිසර් එන්නත ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. ලබන සතියේ සිට ඊට අදාළ ඔන්ලයින් වේලාවන් වෙන් කරවා ගැනීම් ආරම්භ කෙරෙන බව අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේය. කෙසේවෙතත් අවුරුදු 12 – 15 අතර ළමුන්ට එන්නත් දීම සම්බන්ධයෙන්

Read More »