ඔස්ටේ්‍රලියාව තුළදී ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ නම වෙනස් කිරීමට අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව මෙරටදී මින් ඉදිරියට එය හැඳින්වෙන්නේ Vaxzevria ලෙසයි.
යුරෝපා සංගමයේ සහ කැනඩාවේ ක්‍රියාත්මක එන්නත් නාමකරණ රෙගුලාසි අනුව යමිනුයි ඔස්ටේ්‍රලියානු ඖෂධ අධිකාරිය මෙම තීරණය ගෙන ඇත්තේ.
කෙසේවෙතත් මෙහිදී එන්නතේ නම පමණක් වෙනස් වන අතර සංඝටක හෝ රසායනික ස්වභාවයේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.
ඔස්ටේ්‍රලියා තුළ භාවිතය හිමිවූ පළමු එන්නත් වර්ග 02 න් එකක් වන්නේ ඇස්ට්‍රා-සෙනෙකා යි.