Day: August 19, 2021

වික්ටෝරියා ප්‍රජාව අතරින් තවත් ආසාදිතයින් 57 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 57 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 296 කි. ඊයේ දිනයේදී (18) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 49,607 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 27,581 ක් ලබා දී තිබේ.

Read More »

කොවිඩ් 19 වෛරසයට සමාන තවත් රෝගයක් මෙල්බර්න් නගරයෙන්

කොවිඩ් 19 වෛරසයට සමාන තවත් රෝගයක් මෙල්බර්න් නගරයෙන් වාර්තා වී තිබේ. Legionnaires නම් එය නම් legionella බැක්ටීරියාව හරහා ව්‍යාප්ත වේ. Cranbourne East හි වාසය කල දෙදෙනෙකු මෙම රෝගය ආසාධිතයන් බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. මෙම බැක්ටීරියාව ජලාශ වැනි ස්ථාන ආශ්‍රිතවයි පැතිර යන්නේ. ඒ අනුව මෙල්බර්න් ගිණිකොණ දිග ප්‍රදේශයේ පිහිණුම් තටාක – ස්නාන ස්ථාන ආදී ස්ථාන පරීක්ෂා කිරීමටයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ. මෙම රෝගයේ ලක්ෂණ වන්නේ හිසරදය –

Read More »

PHOTOS : මව්බිමේ කොවිඩ් මඩින්න ඔස්ටේ්‍රලියාවේ ලාංකිකයන්ගෙන් වෛද්‍ය උපකරණ ආධාර

ශ්‍රි ලංකාවේ කොවිඩ් ආසාදිත රෝගීන් සදහා මෙල්බර්න් සිට කොළඹ දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ඍජු ගුවන් ගමන් මගින් තොග 9 කින් සමන්විත ටොන් දෙකක වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ බව මෙල්බර්න්හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කියා සිටී. මෙම උපකරණ දකුණු ඕස්ට්‍රේලියාව – වික්ටෝරියා සහ බටහිර ඕස්ට්‍රේලියාව ප්‍රාන්තවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සංගම් සහ හිතවතුන් විසින් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ බවද ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය කියා සිටී පරිත්‍යාග කළ උපකරණ අතර දිවි ගලවා

Read More »