කොවිඩ් 19 වෛරසයට සමාන තවත් රෝගයක් මෙල්බර්න් නගරයෙන්

කොවිඩ් 19 වෛරසයට සමාන තවත් රෝගයක් මෙල්බර්න් නගරයෙන් වාර්තා වී තිබේ.

Legionnaires නම් එය නම් legionella බැක්ටීරියාව හරහා ව්‍යාප්ත වේ.

Cranbourne East හි වාසය කල දෙදෙනෙකු මෙම රෝගය ආසාධිතයන් බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම බැක්ටීරියාව ජලාශ වැනි ස්ථාන ආශ්‍රිතවයි පැතිර යන්නේ.

ඒ අනුව මෙල්බර්න් ගිණිකොණ දිග ප්‍රදේශයේ පිහිණුම් තටාක – ස්නාන ස්ථාන ආදී ස්ථාන පරීක්ෂා කිරීමටයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ.

මෙම රෝගයේ ලක්ෂණ වන්නේ හිසරදය – කැස්ස – උණ වැනි නියුමෝනියා රෝග ලක්ෂණයි.

Legionnaires මැඩලීම සඳහා මේ දක්වා එන්නතක් සොයාගෙන නොමැත.