PHOTOS : මව්බිමේ කොවිඩ් මඩින්න ඔස්ටේ්‍රලියාවේ ලාංකිකයන්ගෙන් වෛද්‍ය උපකරණ ආධාර

ශ්‍රි ලංකාවේ කොවිඩ් ආසාදිත රෝගීන් සදහා මෙල්බර්න් සිට කොළඹ දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ඍජු ගුවන් ගමන් මගින් තොග 9 කින් සමන්විත ටොන් දෙකක වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ බව මෙල්බර්න්හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කියා සිටී.

මෙම උපකරණ දකුණු ඕස්ට්‍රේලියාව – වික්ටෝරියා සහ බටහිර ඕස්ට්‍රේලියාව ප්‍රාන්තවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සංගම් සහ හිතවතුන් විසින් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ බවද ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය කියා සිටී

පරිත්‍යාග කළ උපකරණ අතර දිවි ගලවා ගන්නා උපකරණ අතර, නාසයෙන් ලබාදෙන අධි ධාරා ඔක්සිජන් යන්ත්‍ර, ඔක්සිජන් සාන්ද්‍රක, ස්පන්දන ඔක්සිමීටර, බීඅයිඒපී යන්ත්‍ර, සීපීඒපී යන්ත්‍ර, ඉන්ෆියුෂන් පොම්ප, ඩයලිසිස් යන්ත්‍ර, නාසික කැනියුලා ඔක්සිජන් ලබා දීමේ මුහුණු ආවරණ, ඔක්සිජන් මුහුණු ආවරණ සහ රුධිර පීඩන මොනිටර යනාදිය වේ.

මෙම භාණ්ඩ තොග රැගෙන ඒම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය සහනදායී මිලකට ගුවන් ප්‍රවාහන සේවා ලබා දුන් අතර, එම උපකරණ නිෂ්කාශනය කොට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම විදේශ අමාත්‍යාංශය විසින් පහසුකම් සලසා දෙන ලදී.

මෙම ඉතා දුෂ්කර කාලසීමාවේ දී, ශ්‍රී ලංකාවේ වටිනා ජීවිත බේරා ගැනීම සඳහා සිදු කල මෙම පරිත්‍යාග ලබා දීමේ සම්බන්ධයෙන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සියළුම සංගම් සහ හිතවතුන් වෙත සිය ප්‍රශංසාව පළ කර සිටී.

 

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »