Day: August 19, 2021

සතියක් තුළ ලංකාවේ දෙවන වෛද්‍යවරයාත් කොරෝනා බිළිගනී

කොවිඩ් වසංගතය හේතුවෙන් දිවි අහිමි වූ තවත් වෛද්‍යවරයෙකු පිළිබඳ වාර්තා විය. රාගම ශික්ෂණ රෝහලේ වසර 5කට වැඩි කාලයක් සේවය කළ 41 හැවිරිදි රාසික් මොහොමඩ් ජනාත් ඉමහත් කැපවීමකින් රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකි. එම වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම රෝහලේම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. “මල්ලී ඉස්පිරිතාලේ දවස් 14ක් වගේ හිටියා. මම තමයි මල්ලිව ඇඩ්මිට් කරේ. ICU එකේ දවස් 8 – 10ක් වගේ හිටියා. අද ටිකට් කපලා ගෙදර යන්න හිටියේ. හොඳට හිටියා. එහෙම හිටිය එක්කෙනා ඊයේ

Read More »

සිඩ්නි රෝහලක කොවිඩ් එන්නත් ජාවාරමක්

කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා මුදල් ගෙවා වේලාවක් වෙන් කරවා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිඩ්නි නුවර Royal Prince Alfred රෝහලේ දී ෆයිසර් එන්නත ලබාගැනීම වෙනුවෙන් ඩොලර් 300 බැගින් ගෙවා වේලාවක් වෙන් කරවා ගත හැකි බවයි ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් හරහා දැන්වීම් පළකර ඇත්තේ. පුද්ගලයන් 60 දෙනෙකු පමණ එලෙස මුදල් ගෙවා ඇති අතර සයිබර් අපරාධ විමර්ශන නිළධාරීන් වෙත සිදුකල පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඔස්ටේ්‍රලියා රජය අවධාරණය කරන්නේ කිසිදු

Read More »
Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

ශ්‍රී ලංකාවට පැමිණෙන සියල්ලන් අද සිට On-Arrival PCR පරීක්ෂණයකට

ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් බලපැවැත්වෙන නිරෝධායන ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව පැමිණෙන සියල්ලන් නිරෝධායන හෝටලයකට – නිරෝධායන මධ්‍යස්ථානයකට හෝ සෞඛ්‍යාරක්ෂිත හෝටලයකට යොමු කෙරෙනු ඇති. පූර්ණ එන්නත්කරණයට ලක්ව පැමිණෙන අයද දිවයිනට පැමිණීමෙන් පසු පී සී ආර් පරීක්ෂණයකට යොමුවිය යුතු වනවා. එය සෘණාත්මක (negative)නම්, එක් මාත්‍රාවක් ගත් අය හෝ කිසිදු මාත්‍රාවක් ගෙන නොමැති අය, දින 14 ක අනිවාර්ය නිරෝධායනයට යොමු කෙරෙනු ඇති. පී සී ආර් ප්‍රථිඵලය සෘණාත්මක වන, කොවිඩ් එන්නත් මාත්‍රා 02 ම

Read More »

NSW කොවිඩ් වාර්තාව යළි අලුත් වෙයි – ඊයේ ආසාධිතයන් 681 ක්

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 681 දෙනෙකු හඳුනාගෙන තිබේ. එය මේ දක්වා එක් දිනයකදී NSW ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවයි. ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් මරණ 01 ක් සටහන්වී ඇත. මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 117 දක්වා වැඩි වේ. https://twitter.com/NSWHealth/status/1428160208694513667?s=20

Read More »

ALDI, ආහාර රැසක මිළ ගණන් කැපී පෙනෙන ලෙස අඩු කරයි

ALDI සුපිරි වෙළඳසැල් ජාලය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිළ ගණන් කැපී පෙනෙන ලෙස අඩු කර තිබේ. බොහෝ ආහාර මිළ ගණන් සියයට 30 කින් පමණ පහත දමා ඇති අතර බිත්තර – චීස් සහ ඇතැම් මාංශමය ආහාර සියයට 30 කින් පමණ අඩු කර තිබීම විශේෂත්වයක්. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කලේ පාරිභෝගිකයක්ට වැඩි වශයෙන් සහන සැලසීම මෙහි අරමුණ බවයි. කෙසේවෙතත් මෙම මිළ ගණන් අඩු කිරීම තරගකාරී සෙසු ආයතන වන Woolworths, Coles සමග තරග කිරීමක් බවටද වෙළඳපොල

Read More »