Search

ශ්‍රී ලංකාවට පැමිණෙන සියල්ලන් අද සිට On-Arrival PCR පරීක්ෂණයකට

Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් බලපැවැත්වෙන නිරෝධායන ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව පැමිණෙන සියල්ලන් නිරෝධායන හෝටලයකට – නිරෝධායන මධ්‍යස්ථානයකට හෝ සෞඛ්‍යාරක්ෂිත හෝටලයකට යොමු කෙරෙනු ඇති.

පූර්ණ එන්නත්කරණයට ලක්ව පැමිණෙන අයද දිවයිනට පැමිණීමෙන් පසු පී සී ආර් පරීක්ෂණයකට යොමුවිය යුතු වනවා.

එය සෘණාත්මක (negative)නම්, එක් මාත්‍රාවක් ගත් අය හෝ කිසිදු මාත්‍රාවක් ගෙන නොමැති අය, දින 14 ක අනිවාර්ය නිරෝධායනයට යොමු කෙරෙනු ඇති.

පී සී ආර් ප්‍රථිඵලය සෘණාත්මක වන, කොවිඩ් එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති පුද්ගලයන් තවදුරටත් නිරෝධායනය විය යුතු වන්නේ නැහැ.

කෙසේවෙතත් දිවයිනට පැමිණීමේදී පී සී ආර් ප්‍රථිඵලය ධනාත්මක (positive) වන හෝ දිවයිනට පැමිණීමේදී ප්‍රථීඵලය සෘණාත්මක වී දින 14 ක නිරෝධායනය අවසානයේදී ප්‍රථිඵලය ධනාත්මක වන පුද්ගලයන් වහා ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලා.

රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් මෙන්ම විදෙස් සංවිධාන නියෝජිතයන්ටද මෙම ක්‍රමවේදය බල පැවැත්වෙනු ඇති.

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »