සිඩ්නි රෝහලක කොවිඩ් එන්නත් ජාවාරමක්

කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා මුදල් ගෙවා වේලාවක් වෙන් කරවා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිඩ්නි නුවර Royal Prince Alfred රෝහලේ දී ෆයිසර් එන්නත ලබාගැනීම වෙනුවෙන් ඩොලර් 300 බැගින් ගෙවා වේලාවක් වෙන් කරවා ගත හැකි බවයි ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් හරහා දැන්වීම් පළකර ඇත්තේ.

පුද්ගලයන් 60 දෙනෙකු පමණ එලෙස මුදල් ගෙවා ඇති අතර සයිබර් අපරාධ විමර්ශන නිළධාරීන් වෙත සිදුකල පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියා රජය අවධාරණය කරන්නේ කිසිදු පුද්ගලයෙකු මුදල් ගෙවා එන්නත් වෙන් කර ගැනීම අවශ්‍ය නොවන අතර එන්නත්කරණය වෙනුවෙන් ඩොලර් බිලියන 10 ක මුදලක් වෙන් කර ඇති බවයි.

Pic – Google

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »