ගතවූ පැය 24 තුළ ACT ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 16 ක් හමුවී තිබේ.
එමගින් ආසාදිතයින් 5 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙලිව තිබේ.
මෙලෙස වාර්තා වූ නව ආසාදිතයින් ආ ගිය ස්ථාන අතර කැන්බරා හි light rail, බස් මාර්ග, Turner හි මුල් ඉගෙනුම් මධ්‍යස්ථානයක් සහ Belconnen හි වෛද්‍ය මධ්‍යස්ථානයක් පවතී.
මේ වනවිට ACT ප්‍රාන්තය තුල සක්‍රීය කොරෝනා ආසාදිතයින් 83 දෙනෙකු සිටි.