රට Lockdown කරන්නැයි ජනපතිට එල්ලවන පීඩනය ඉහළට

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සදහා සතියක කාලයක් රට වසා තබන්නැයි අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමිනුයි මහනාහිමිවරුන් මෙම ඉල්ලීම කර ඇත්තේ.

කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අදවනවිට සමස්ත රටවාසීන් මහත් ව්‍යසනයකට පත්ව සිටින බවත් ආසාදිතයන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළයමින් පවතින බවත් අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් අවධාරණය කර තිබෙනවා.

ඉදිරි මාස කිහිපය තුළදී ශ්‍රී ලංකාව තුළ ඇතිවිය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද අනතුරු අගවා ඇති බැවින් සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක කාලයක් හෝ රට වසා දමා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගන්නා ලෙසයි අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත යැවූ ලිපියෙන් ඉල්ලා ඇත්තේ.

අවම වශයෙන් සති 03 කට රට අගුළු දමන(Lockdown) ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිතුමා වෙත ලිපියක් යවන එම පක්ෂ 10 පෙන්වා දෙන්නේ, අවම වශයෙන් සති තුනක රට අගුළු දැමීමෙන් තොරව කොරෝනා රෝගීන් ගණන රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමට පහත හෙලීමට නොහැකි වන බව තමන්ගේ විශ්වාසය බවය.

අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර , ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ , ජාතික නිදහස් පෙරමුණේ අමාත්‍ය විමල් වීරවංශ , පිවිතුරු හෙළ උරුමයේ අමාත්‍ය උදය ගම්මන්පිල , ජාතික කොන්ග්‍රසයේ ඒ එල් එම් අතාවුල්ලා , එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස් , ශ්‍රී ලංකා කොමියුනිස්ට පක්ෂයේ වෛද්‍ය ජී වීරසිංහ , ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න සහ යුතුකම ජාතික සංවිධානයේ ගෙවිදු කුමාරතුංග යන මේ ලිපියට අත්සන් කර තිබේ.

ආණ්ඩුවේ මෙම හවුල්කාර පක්ෂ 10 පෙන්වා දෙන්නේ , අවම වශයෙන් සති 3ක් රට අගුළු දැමීමෙන් දැනට ඉහළ යන ආසාදිත චක්‍රය බිද දැමීමට හැකිවන බවය.

වර්තමානයේ රට විවෘතව තිබුණත්, නිරෝධායනය වෙන සහ රෝගයට බියෙන් තැති ගත් අධික පිරිස හමුවේ රට අකර්මන්‍ය වී ඇතැයි ඔවුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබේ.

රෝගය පාලනය කළ විට ඔවුන් විශ්වාසයෙන් නැවත ආර්ථික ක්‍රියාවලිය සමග මුසුවනු ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පාර්ශව 10 ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් ය.

එමෙන්ම ඔවුන් ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ , මෙය ජාතික ආපදාවක් බැවින් ඊට මුහුණ දීම සඳහා සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් සැකසිය යුතු බවය.

ඊට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේම ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් සකස් කළ යුතු බවට ද ඔවුන් යෝජනා කර තිබේ.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »