අවුරුදු 16 ට වැඩි ඔස්ටේ්‍රලියානුවන් සියල්ලන්ට කොවිඩ් එන්නත්

වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයන්ද කොවිඩ් එන්නත්කරණයට ලක් කිරීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.

අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ අවුරුදු 16 ත් 39 ත් අතර සියල්ලන් මේ යටතේ එන්නත්කරණයට ලක් කිරීමට නියමිත බවයි.

ලබන 30 වනදා සිට ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ ෆයිසර් එන්නත ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

ලබන සතියේ සිට ඊට අදාළ ඔන්ලයින් වේලාවන් වෙන් කරවා ගැනීම් ආරම්භ කෙරෙන බව අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේය.

කෙසේවෙතත් අවුරුදු 12 – 15 අතර ළමුන්ට එන්නත් දීම සම්බන්ධයෙන් මෙතෙක් අනුමැතියක් ලැබී නොමැති බවයි අගමැතිවරයා කියාසිටියේ.

මේ අනුව 16 – 39 වයස් කාණ්ඩයේ ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 86 ක් එන්නත් කෙරෙනු ඇති.

මෙල්බන්හි නිවසකින් ඩොලර් ලක්ෂයකට අධික දේපළ සොරකමක්

මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි නිවසකින් ඩොලර් 100,000ක් වටිනා මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »