ඕස්ට්‍රේලියාව T20 ලෝක කුසලානය සඳහා සංචිතය නම් ක‍රයි

ඕස්ට්‍රේලියාව එළැඹෙන පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සිය සංචිතය නම් ක‍රයි.

මෙම සංචිතයට දණහිසේ ආබාධයකට ලක්ව සිටි පන්දුවාර විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක එරොන් ෆින්ච් කැඳවා ඇති අතර හිටපු නායක ස්ටීව් ස්මිත් ද නැවත කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්.

හිටපු නායක ස්ටීව් ස්මිත් ද මෙම කණ්ඩායමට එක්වන්නේ ඔහුගේ වැලමිටේ ඇතිව තිබූ ආබාධයක් හේතුවෙන් දිගු කලක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් ව සිටීමෙන් අනතුරුවයි.

මීට අමතරව ඔවුන්ගේ ඉදිරිපෙළ තරු පන්තියේ ක්‍රීඩකයින් වන ඩේවිඩ් වෝනර්, ග්ලෙන් මැක්ස්වෙල්, මාකස් ස්ටොනික්ස්, පැට් කමින්ස් සහ කේන් රිචඩ්සන් ද කණ්ඩායමේ සිය ස්ථාන වෙන් කර ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් වරට එක්වූ පන්දුවාර 20 තරගාවලි පහම පරාජය වූ අතර කැරිබියන් දූපත් සහ බංග්ලාදේශයේ සිදු කල තරග සංචාර වලදී ඔවුන් දැඩි පසුබෑමකට ලක් වුනා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් විසින් ලෝක කුසලානය සඳහා නම් කර ඇති සංචිතය මෙසේයි.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »