Day: August 18, 2021

ළහිරු තිරිමාන්නත් Mulgrave Cricket සමාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න Mulgrave Cricket සමාජය හා එක් වී තිබේ. ඒ පිළිබඳ ෆේස්බුක් සටහනක් තබමින් එම ක්‍රීඩා සමාජය සඳහන් කලේ තිරිමාන්නගේ ආගමනය පිළිබඳ අතිශය සතුටුවන බවයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 42 ක් – එක්දින තරග 127 ක් සහ පන්දුවාර 20 තරග 26 කට ක්‍රීඩා කර ඇති තිරිමාන්න රැස්කර ඇති උපරිම ටෙස්ට් ළකුණු ගණන 155 ක්. ටී එම් ඩිල්ශාන් – උපුල් තරංග මෙන්ම සනත් ජයසූරිය ද Mulgrave Cricket සමාජය නියෝජනය කරති.

Read More »

ඇෆ්ඝන් වැසියන්ට ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය දීම කඩිනම් කෙරේ

ඇෆ්ඝනිස්ථානයේ පවතින තත්වය අනුව සරණාගතභාවය පතන්නන්ගේ වීසා අයදුම්පත් හැකි ඉක්මණින් සළකා බැලීමට ඔස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එරට ඔස්ටේ්‍රලියානු මෙහෙයුම් සඳහා සහය දුන් භාෂා පරිවර්තකයන් වැනි පිරිස් සඳහා එහිදී ප්‍රමුඛතාවය හිමිවනු ඇත. ඔවුන්ට අමතරව පවුල්වල සාමාජිකයන්ටද ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අද නිවේදනය කලේ. එමෙන්ම ඇෆ්ඝන් ජාතිකයන් විසින් එවා ඇති වීසා අයදුම්පත් හැකි ඉක්මණින් සළකා බලා අවසන් කිරීමටද ඔස්ටේ‍රලියාව තීරණය කර ඇත. දැනට ඔස්ටේ්‍රලියාව තුළ සිටින

Read More »

ඕක්ලන්ඩ් ආසාධිතයා පැමිණ ඇත්තේ නිවු සවුත් වේල්ස් සිටයි

සමස්ත නවසීලන්තයම වසා දැමීමට හේතුවූ ඕක්ලන්ඩ් නුවරින් හමුවු කොවිඩ් ආසාධිතයා පැමිණ ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට බව හෙළිවී ඇත. නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් ඒ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීයි. කෙසේවෙතත් Lockdown තත්වයක් තිබියදී මෙම පුද්ගලයා නිවු සවුත් වේල්ස් සිට නවසීලන්තයට පැමිණියේ කෙසේදැයි යන්න පිලිබඳ මේ වනවිට විමර්ශනයක්ද ආරම්භ කර ඇත. නිවු සවුත් වේල්ස් සිට පැමිණ නිරෝධායනය වූ අය අතර පවා මෙම පුද්ගලයා නොසිටි බවටයි වාර්තා පළවී ඇත්තේ. අද දිනයේදී නවසීලන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන්

Read More »

ඊයේ වික්ටෝරියා ආසාධිතයන් අතර අයෙකු මුදලට ලිංගික සේවා සපයන තැනැත්තියක්

ඊයේ දිනයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් අතර සිටින එක් අයෙකු මුදලට ලිංගික සේවා සපයන තැනැත්තියක වීම හේතුවෙන් දැඩි අවධානම් තත්වයක් නිර්මාණය වී තිබේ. ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ ඇය ඇසුරු කල කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු බවයි. St Kilda ප්‍රදේශයේ දී මෙම කාන්තාව සිය සේවා සැපයීම සිදුකර තිබේ. ඊයේ ආසාධිතයන් අතුරින් 15 දෙනෙකුම St Kilda, Caulfield North හා Middle Park ප්‍රදේශවලින් හඳුනාගෙන ඇත. වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව පසුගිය දිනවල මෙල්බර්න් නගරයෙන්

Read More »

Lockdown අවසන් වීමෙන් පසු ඔස්ටේ්‍රලියා ආර්ථිකය මුලුමනින්ම යථා තත්වයට

Lockdown තත්වය අවසන් වීමෙන් පසු ඔස්ටේ්‍රලියා ආර්ථිකය මුලුමනින්ම යථා තත්වයට පත්වනු ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි. රට වසා දමා තිබියදී පවා ආර්ථිකය පහළ නොගිය බවත් ඉතා සුලු බලපෑමක් පමණක් සිදුවූ බවත් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. ඇෆ්ඝනිස්ථානයේ සිටින ඔස්ටේ්‍රලියානුවන් ගෙන්වා ගැනීමේ වත්මන් තත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහායි මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ. ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් එරට සේවය කල සියල්ලන් ගෙන්වා ගැනීම දුෂ්කර කාර්යයක් බවයි මෙහිදී සඳහන් කෙරුණේ. ඔවුන් කාබුල් ගුවන් තොටුපළට ගෙන්වා ගැනීම

Read More »