ඊයේ වික්ටෝරියා ආසාධිතයන් අතර අයෙකු මුදලට ලිංගික සේවා සපයන තැනැත්තියක්

ඊයේ දිනයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් අතර සිටින එක් අයෙකු මුදලට ලිංගික සේවා සපයන තැනැත්තියක වීම හේතුවෙන් දැඩි අවධානම් තත්වයක් නිර්මාණය වී තිබේ.

ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ ඇය ඇසුරු කල කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු බවයි.

St Kilda ප්‍රදේශයේ දී මෙම කාන්තාව සිය සේවා සැපයීම සිදුකර තිබේ.

ඊයේ ආසාධිතයන් අතුරින් 15 දෙනෙකුම St Kilda, Caulfield North හා Middle Park ප්‍රදේශවලින් හඳුනාගෙන ඇත.

වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව පසුගිය දිනවල මෙල්බර්න් නගරයෙන් හමුවූ සියලු වල මූලාරම්භය මෙම මුදලට ලිංගික සේවා සපයන තැනැත්තිය බවටයි සැක කෙරෙන්නේ.