Lockdown අවසන් වීමෙන් පසු ඔස්ටේ්‍රලියා ආර්ථිකය මුලුමනින්ම යථා තත්වයට

Lockdown තත්වය අවසන් වීමෙන් පසු ඔස්ටේ්‍රලියා ආර්ථිකය මුලුමනින්ම යථා තත්වයට පත්වනු ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි.

රට වසා දමා තිබියදී පවා ආර්ථිකය පහළ නොගිය බවත් ඉතා සුලු බලපෑමක් පමණක් සිදුවූ බවත් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

ඇෆ්ඝනිස්ථානයේ සිටින ඔස්ටේ්‍රලියානුවන් ගෙන්වා ගැනීමේ වත්මන් තත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහායි මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ.

ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් එරට සේවය කල සියල්ලන් ගෙන්වා ගැනීම දුෂ්කර කාර්යයක් බවයි මෙහිදී සඳහන් කෙරුණේ.

ඔවුන් කාබුල් ගුවන් තොටුපළට ගෙන්වා ගැනීම පවා දැඩි අභියෝගයක් බව අගමැතිවරයා සඳහන් කලේය.

එහෙත් හැකි සෑම උත්සාහයක්ම දරා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවටයි අගමැති ස්කොට් මොරිසන් සහතික වූයේ.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »