Day: August 18, 2021

ක්වන්ටාස් සියලු සේවකයන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කරයි

තම සියලු සේවකයන්ට කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීමට ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් තීරණය කර තිබෙනවා. ගුවන් යානා කාර්ය මණ්ඩලය සහ ඉදිරිපෙළ සේවකයන් / ගුවන් තොටුපළ සේවකයන් මෙන්ම නියමුවන් සඳහාද එය බලාත්මක වනු ඇති. ඔවුන් නොවැම්බර් 15 වනදා වනවිට පළමු එන්නත් මාත්‍රාව ලබා ගත යුතු අතර ලබන වසරේ මාර්තු 31 වනදා වනවිට දෙවන මාත්‍රාවද ලබාගත යුතුයි. එකදු මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති සේවකයන්ගේ කොන්ත්‍රාත් අවසන් කිරීම කෙරෙහිද ක්වන්ටාස් සමාගමේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »

Lockdown නිසා මෙල්බර්න් වැසියන්ගේ මානසික මට්ටම පහළට – වැඩිම බලපෑම ළමුන්ට

දිගින් දිගටම ලොක්ඩවුන් තත්වයන් පැණවීම හමුවේ ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරවාසීන්ගේ මානසික තත්වය බිඳවැටී ඇතැයි නවතම අධ්‍යයනයක් හෙළි කර තිබෙනවා. කෙසේවෙතත් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ව්‍යාප්තිය නතර කිරීමට සුදුසු වෙනත් ක්‍රියා මාර්ගවක් නොමැති බවද මෙහිදී හෙළිවුණා. විශේෂයෙන් කුඩා ළමුන්ට එළිමහනට යාමට ඇති ඉඩකඩ අවහිර වීම හමුවේ ඔවුන් දැඩි හුදකලා ස්වරූපයකට පත්ව ඇති බව සඳහන්. මානසික ගැටලු පිළිබඳ පහත අංක මගින් උපදෙස් ලබාගත හැකිය. Lifeline on 13 11 14 Kids Helpline on 1800 551 800 DirectLine Victoria drug/alcohol counselling on 1800 888

Read More »

Breaking: NSW ප්‍රාන්තයෙන් ඊයේ ආසාධිතයන් 633 ක් – දිනයක වැඩිම ගණන

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 633 දෙනෙකු හඳුනාගෙන තිබේ. එය මේ දක්වා එක් දිනයකදී NSW ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවයි. ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් මරණ 04 ක් සටහන්වී ඇත. මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 116 දක්වා වැඩි වේ. https://twitter.com/NSWHealth/status/1427797631812603905?s=20

Read More »

වික්ටෝරියා ප්‍රජාව අතරින් තවත් ආසාදිතයින් 24 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 24 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 246 කි. ඊයේ දිනයේදී (17) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 39,832 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 27,173 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1427764904472113156?s=20

Read More »

මාත්‍රා 02 ම ගත් සේවකයෙකුට කොවිඩ් – සිඩ්නි රෝහලක වාට්ටු 02 ක් වැසේ

කොවිඩ් ආසාධිතයන් 07 දෙනෙකු වාර්තාවීමත් සමග සිඩ්නි නුවර Canterbury රෝහලේ වාට්ටු 02 ක් වසා දමා තිබේ. නේවාසික රෝගීන් 06 දෙනෙකු සහ රෝහලේ සේවකයෙකු මෙලෙස වෛරස ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත. එම සේවකයාට කොවිඩ් මාත්‍රා 02 ම ලබා දී තිබූ බවද මේ වනවිට අනාවරණ වී තිබේ. ඔහු අවසන් වරට සේවය කර ඇත්තේ පසුගිය 13 වනදායි. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 75% ක් පමණ වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින් බව සඳහන්. අපජල පරීක්‍ෂණයේදී

Read More »