මාත්‍රා 02 ම ගත් සේවකයෙකුට කොවිඩ් – සිඩ්නි රෝහලක වාට්ටු 02 ක් වැසේ

කොවිඩ් ආසාධිතයන් 07 දෙනෙකු වාර්තාවීමත් සමග සිඩ්නි නුවර Canterbury රෝහලේ වාට්ටු 02 ක් වසා දමා තිබේ.

නේවාසික රෝගීන් 06 දෙනෙකු සහ රෝහලේ සේවකයෙකු මෙලෙස වෛරස ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත.

එම සේවකයාට කොවිඩ් මාත්‍රා 02 ම ලබා දී තිබූ බවද මේ වනවිට අනාවරණ වී තිබේ.

ඔහු අවසන් වරට සේවය කර ඇත්තේ පසුගිය 13 වනදායි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 75% ක් පමණ වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින් බව සඳහන්.

මේ අතර වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විශේෂ ඉල්ලීමක් කර තිබේ.

 

Pic – AAP

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »