ක්වන්ටාස් සියලු සේවකයන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කරයි

තම සියලු සේවකයන්ට කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීමට ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් තීරණය කර තිබෙනවා.

ගුවන් යානා කාර්ය මණ්ඩලය සහ ඉදිරිපෙළ සේවකයන් / ගුවන් තොටුපළ සේවකයන් මෙන්ම නියමුවන් සඳහාද එය බලාත්මක වනු ඇති.

ඔවුන් නොවැම්බර් 15 වනදා වනවිට පළමු එන්නත් මාත්‍රාව ලබා ගත යුතු අතර ලබන වසරේ මාර්තු 31 වනදා වනවිට දෙවන මාත්‍රාවද ලබාගත යුතුයි.

එකදු මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති සේවකයන්ගේ කොන්ත්‍රාත් අවසන් කිරීම කෙරෙහිද ක්වන්ටාස් සමාගමේ අවධානය යොමුවී තිබෙනවා.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »