Search

ඇෆ්ඝන් වැසියන්ට ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය දීම කඩිනම් කෙරේ

ඇෆ්ඝනිස්ථානයේ පවතින තත්වය අනුව සරණාගතභාවය පතන්නන්ගේ වීසා අයදුම්පත් හැකි ඉක්මණින් සළකා බැලීමට ඔස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එරට ඔස්ටේ්‍රලියානු මෙහෙයුම් සඳහා සහය දුන් භාෂා පරිවර්තකයන් වැනි පිරිස් සඳහා එහිදී ප්‍රමුඛතාවය හිමිවනු ඇත.

ඔවුන්ට අමතරව පවුල්වල සාමාජිකයන්ටද ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අද නිවේදනය කලේ.

එමෙන්ම ඇෆ්ඝන් ජාතිකයන් විසින් එවා ඇති වීසා අයදුම්පත් හැකි ඉක්මණින් සළකා බලා අවසන් කිරීමටද ඔස්ටේ‍රලියාව තීරණය කර ඇත.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ සිටින තාවකාලික වීසා බලපත් හිමි ඇෆ්ඝන් ජාතිකයන්ටද කිසියම් සහනයක් සැළසීම ඔස්ටේ්‍රලියාවේ සැලසුම වී තිබේ.

මානුෂීය පදනම යටතේ ඔවුන්ට මෙරට ස්ථිර පදිංචිය ලබාදීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්නම් වහා ඒ සඳහා අයදුම් කල යුතුය.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »