Day: August 11, 2021

නවසීලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස් සිඩ්නි රෝහලක දැඩි සත්කාර ඒකකයේ

නවසීලන්තයෙන් මෙතෙක් බිහිවූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන ක්‍රිස් කෙයාන්ස්, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. ඔහු හදිසි හෘදයාබාධයකට ලක්වී ඇතැයි සඳහන්. 51 හැවිරිදි කෙයාන්ස් පසුගියදා කැන්බරා නගරයේ පිහිටි රෝහලකදී හෘද සැත්කමකට භාජනය වූ අතර එහිදී තත්ත්වය බරපතළ වූ බැවින් සිඩ්නි නගරයේ රෝහලකට ගෙනැවිත් තිබුණි. එහිදී ඔහුව යළිත්වරක් සැත්කමකට ලක්කර ඇති අතර මේ වනවිට ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

Read More »

සිඩ්නි කොවිඩ් පාලන කටයුතු වෙනුවෙන් තවත් අමතර භට පිරිස් 500 ක්

සිඩ්නි නගරයේ කොවිඩ් පාලන කටයුතු වෙනුවෙන් තවත් අමතර භට පිරිස් 500 ක් කැඳවා තිබේ. ඒ සඳහා අද පැවති NSW ප්‍රාන්ත කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී ඇති බව සඳහන්. මේ වනවිට නගරය පුරා අනුයුක්ත කර ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 300 කි. දැනට කොවිඩ් ආසාධිතයන් වැඩි වශයෙන් වාර්තාවන උප නාගරික කලාප වෙත මෙම භට පිරිස් යොමු කෙරෙනු ඇති. ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 344 කි. ප්‍රාන්තයේ සැළකිය යුතු කොටසක් මේ

Read More »

VIDEO : එමිරේට්ස් ගුවන් සේවිකාවක ලොව උසම ගොඩනැගිල්ලට නැග්ගාද ? ඇත්තම කථාව මෙන්න

එමිරේට්ස් ගුවන් සේවයේ වෙළඳ දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කථා බහට ලක්වී තිබේ. එහි ගුවන් සේවිකාවක ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි බර්ජ් කලීෆා හි මුදුනටම නැග සිටින ආකාරයක් එහි දක්නට ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා මහා බි්‍රතාන්‍යය පණවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීම හමුවේ තමන් ලොව මුදුනටම පත්ව ඇතැයි යන්න එමගින් නිරූපණය කෙරේ. කෙසේවෙතත් මෙහි පෙනී සිටිනුයේ සැබෑ වශයෙන්ම එමිරේට්ස් ගුවන් සේවිකාවක නොව ලොව සිටින ප්‍රමුඛතම ගුවන් කරණම් ශිල්පිනියක වන Nicole Smith-Ludvik බව

Read More »

නිරෝධායනයේ නිරත වික්ටෝරියා කාන්තාවකගෙන් පොලිස් නිළධාරියෙකු ලෙස සිට ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ කරලා

නිරෝධායනයේ නිරත වන කාන්තාවකගෙන් පොලිස් නිළධාරියෙකු ලෙස පෙනී සිට ලිංගික අවශ්‍යතාවයක් සපුරා ගැනීමට උත්සාහ කල පුද්ගලයෙකු පිළිබඳ විමර්ශන ආරම්භ වී තිබේ. වික්ටෝරියා කොවිඩ් අණදෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ අදාළ වාර්තා සත්‍යදැයි තහවුරු කරගැනීම එහි අරමුණ බවයි. කිසියම් අයෙකු පොලිස් නිළධාරියෙකුදැයි තහවුරු කරගැනීමට අදාළ තැනැත්තාගේ නිල ඇඳුම තහවුරු කරගැනීම සහ රාජකාරි හැඳුනුම්පත ඉල්ලා සිටින්නැයිද ඔහු දන්වා සිටිනවා. එමෙන්ම නිරෝධායනයේ නිරත වන කිසිදු නිවසකට බාහිරින් කවරෙකු හෝ නොපැමිණෙන බවද Jeroen Weimar සඳහන් කලා.

Read More »

ජ’පුර සහ Edith Cowan විශ්ව විද්‍යාල අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ ඔස්ටේ්‍රලියාවේ Edith Cowan විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ආදී දෑ සඳහා එමගින් පහසුකම් සැලසේ.

Read More »