Day: August 11, 2021

VIC – NSW ප්‍රාන්ත සීමා බුබුළ භාවිත කිරීම සඳහා සිකුරාදා සිට බලපත් ක්‍රමයක්

වික්ටෝරියා ප්‍රාන්තය සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය අතර ක්‍රියාත්මක ප්‍රාන්ත සීමා බුබුළ (border bubble) භාවිත කිරීම සඳහා බලපත් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. අනිද්දා එනම් සිකුරාදා පස්වරු 06 සිට එය බලාත්මක වන බව වික්ටෝරියා අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කර සිටී. මේ සඳහා හෙට සිට අයදුම් කිරීමට හැකියාව පවතින බව අගමැතිවරයා අද පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය. වික්ටෝරියා ප්‍රාන්ත සීමාව අසල ඇති නිවු සවුත් වේල්ස් ප්‍රදේශ රැසක කොවිඩ් තත්වය කැපී පෙනෙන ලෙස ඉහළයාම සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන

Read More »

NSW ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 344 ක් / අවුරුදු 30 ක තරුණයෙකු ඇතුලු 02 ක් මරුට

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 344 දෙනෙකු හඳුනාගෙන තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊයේ දිනය තුළ පරීක්ෂණ 119,256 ක් සිදුකර ඇත. ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් මරණ 02 ක් සටහන්වී ඇත. වයස අවුරුදු 30 ක් පමණ වන පිරිමි අයෙකු හා අවුරුදු 90 ක් පමණ වන පිරිමි පුද්ගලයෙකු එලෙස මියගොස් තිබේ. මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 91 දක්වා වැඩි වේ. https://twitter.com/NSWHealth/status/1425260979919544324?s=20

Read More »

Breaking: මෙල්බර්න් නාගරික කලාපය තවත් දින 07 කට Lockdown

මෙල්බර්න් නාගරික කලාපය තවත් දින 07 කට Lockdown කර තිබේ. ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් මෙල්බර්න් නුවර දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එය නිවේදනය කලේය. මේ අනුව හෙට එනම් බ්‍රහස්පතින්දා (12) රාත්‍රී 08 ට අවසන්වීමට නියමිතවූ Lockdown තත්වය ලබන සතියේ බ්‍රහස්පතින්දා (19) රාත්‍රී 08 දක්වා දීර්ඝ කෙරේ. පසුගිය දින කිහිපයේදී මෙල්බර්න් නාගරික කලාපයෙන් කොවිඩ් ආසාධිතයන් සැළකිය යුතු පිරිසක් හමුවීම ඊට හේතුවයි. අත්‍යවශ්‍යම කරුණු 05 කට පමණක් නිවාසවලින් පිටතට යා හැකියි. – ආහාර හෝ අත්‍යවශ්‍යම ද්‍රව්‍ය මිලයට ගැනීමට

Read More »

වික්ටෝරියාවෙන් තවත් ආසාධිතයන් 20 ක් / ප්‍රාථමික පාසලක සිසුවෙකුටත් කොවිඩ් – පාසල වැසේ

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් තවත් ආසාදිතයින් 20 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 118 කි. ඊයේ දිනයේදී (10) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 41,571 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 23,811 ක් ලබා දී තිබේ. මේ අතර උතුරු මෙල්බර්න් හි St Michael’s ප්‍රාථමික විදුහලේ සිසුවෙකුට කොවිඩ් වැළඳී තිබේ. ඒ අනුව නැවත දැනුම්

Read More »

2020 වසරේ වැඩිම download කළ අන්තර්ජාල යෙදවුම බවට TikTok පත්වෙයි

2020 වසරේ ලොව වැඩිම වාර ගණනක් භාගත (Download) කළ අන්තර්ජාල යෙදවුම බවට චීන සමාගමකට අයත් TikTok යෙදවුම පත්ව තිබේ. ඇනී ඩිජිටල් විශ්ලේෂණ සමාගාම විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ භාගත කිරිම් වැඩිම වාර ගණනක් සිදුකළ යෙදවුම බවට පත්ව තිබූ ෆේස්බුක් මැසෙන්ජර් යෙදවුම මෙවර දෙවන ස්ථානයට පත්ව ඇති බවයි. 2018 වසරේ සිට වැඩිම වාර ගණනක් භාගත කිරිම් සහිත අන්තර්ජාල යෙදවුම් 05 අතරට ෆේස්බුක් සමාගමට අයත් නොවන යෙදවුමක් එක් වූ පළමු අවස්ථාව ද මෙය වේ. ෆේස්බුක්

Read More »