VIC – NSW ප්‍රාන්ත සීමා බුබුළ භාවිත කිරීම සඳහා සිකුරාදා සිට බලපත් ක්‍රමයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

VIC – NSW ප්‍රාන්ත සීමා බුබුළ භාවිත කිරීම සඳහා සිකුරාදා සිට බලපත් ක්‍රමයක්

VIC – NSW ප්‍රාන්ත සීමා බුබුළ භාවිත කිරීම සඳහා සිකුරාදා සිට බලපත් ක්‍රමයක්

වික්ටෝරියා ප්‍රාන්තය සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය අතර ක්‍රියාත්මක ප්‍රාන්ත සීමා බුබුළ (border bubble) භාවිත කිරීම සඳහා බලපත් ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

අනිද්දා එනම් සිකුරාදා පස්වරු 06 සිට එය බලාත්මක වන බව වික්ටෝරියා අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කර සිටී.

මේ සඳහා හෙට සිට අයදුම් කිරීමට හැකියාව පවතින බව අගමැතිවරයා අද පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

වික්ටෝරියා ප්‍රාන්ත සීමාව අසල ඇති නිවු සවුත් වේල්ස් ප්‍රදේශ රැසක කොවිඩ් තත්වය කැපී පෙනෙන ලෙස ඉහළයාම සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙල්බර්න් නාගරික කලාපය සඳහා පණවා ඇති Lockdown තත්වය ලබන සතියේ බ්‍රහස්පතින්දා දක්වා දීර්ඝ කිරීමටද වික්ටෝරියා බළධාරීන් තීරණය කර ඇත.