NSW ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 344 ක් / අවුරුදු 30 ක තරුණයෙකු ඇතුලු 02 ක් මරුට – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 344 ක් / අවුරුදු 30 ක තරුණයෙකු ඇතුලු 02 ක් මරුට

NSW ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 344 ක් / අවුරුදු 30 ක තරුණයෙකු ඇතුලු 02 ක් මරුට

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 344 දෙනෙකු හඳුනාගෙන තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊයේ දිනය තුළ පරීක්ෂණ 119,256 ක් සිදුකර ඇත.

ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් මරණ 02 ක් සටහන්වී ඇත.

වයස අවුරුදු 30 ක් පමණ වන පිරිමි අයෙකු හා අවුරුදු 90 ක් පමණ වන පිරිමි පුද්ගලයෙකු එලෙස මියගොස් තිබේ.

මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 91 දක්වා වැඩි වේ.