Breaking: මෙල්බර්න් නාගරික කලාපය තවත් දින 07 කට Lockdown

මෙල්බර්න් නාගරික කලාපය තවත් දින 07 කට Lockdown කර තිබේ.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් මෙල්බර්න් නුවර දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එය නිවේදනය කලේය.

මේ අනුව හෙට එනම් බ්‍රහස්පතින්දා (12) රාත්‍රී 08 ට අවසන්වීමට නියමිතවූ Lockdown තත්වය ලබන සතියේ බ්‍රහස්පතින්දා (19) රාත්‍රී 08 දක්වා දීර්ඝ කෙරේ.

පසුගිය දින කිහිපයේදී මෙල්බර්න් නාගරික කලාපයෙන් කොවිඩ් ආසාධිතයන් සැළකිය යුතු පිරිසක් හමුවීම ඊට හේතුවයි.

අත්‍යවශ්‍යම කරුණු 05 කට පමණක් නිවාසවලින් පිටතට යා හැකියි.

– ආහාර හෝ අත්‍යවශ්‍යම ද්‍රව්‍ය මිලයට ගැනීමට
– සත්කාරක සේවා
– ව්‍යායාම් කටයුතු
– එන්නත ලබාගැනීම
– රැකියා හෝ අධ්‍යාපන කටයුතු

නිවාසවලින් පිටතට ගමන් කල හැකි වනුයේ උපරිම කිලෝමීටර් 05 ක දුරකට පමණි.

එමෙන්ම අවන්හල් විවෘතව තැබිය හැකි නමුත් Take-away ක්‍රමයට පමණක් ආහාර ලබාගත යුතු අතර ඇතුළත රැඳී සිට ආහාර ගත නොහැකිය.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »