Day: August 10, 2021

මෙල්බර්න් Royal Children’s Hospital වෛද්‍යවරයෙකුට කොවිඩ්

මෙල්බර්න් නුවර Royal Children’s Hospital ළමා රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි හෙළිකරගෙන තිබේ. කෙසේවෙතත් ආසාධිත සමය තුළදී ඔහු රෝහලේ සේවය කර නොමැති බව සඳහන්. එහෙත් වෛද්‍යවරයා වෛරසය වැළඳී ඇති කාලයේදී පුද්ගලික සායනයක සේවය කලේදැයි මේ වනවිට විමර්ශනයක් ආරම්භවී ඇත. සිය නිවාස සංකීර්ණයේදී ඔහුට වෛරසය වැළඳී ඇති බවටයි සැක මතුවී ඇත්තේ.   Pic – 9News  

Read More »

වලංගු හේතුවක් නොමැතිව Regional වික්ටෝරියා යන මෙල්බර්න් වැසියන්ට $5,452 ක දඩයක්

අද සිට වලංගු හේතුවක් නොමැතිව වික්ටෝරියානු Regional කලාපවලට සංචරණය කරන මෙල්බර්න් නාගරික කලාප වැසියන් හට $5,452 දක්වා දඩ නියම කෙරේ. මෙල්බර්න් නාගරික කලාපය සහ වික්ටෝරියානු Regional කලාප වෙන් කරන සීමාවේ පොලිස් නිලධාරීන් 200 ක් පමණ සේවයේ යොදවා ඇත. අද සිට වික්ටෝරියා Regional කලාප වල lockdown කිරීම ඉවත් කෙරිණ. සති 07ක කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මකව පැවතුනද ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් සිඩ්නි නුවරින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවති.

Read More »

තිලාන් සමරවීර නවසීලන්ත ක්‍රිකට් පුහුණුකරණ කාර්ය මණ්ඩලයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වූ තිලාන් සමරවීර නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරණ කාර්ය මණ්ඩලයට පත් කර තිබෙනවා. එරට වාර්තා සඳහන් කලේ එළඹෙන බංග්ලාදේශයට සහ පකිස්ථානයට එරෙහි තරග මාලා සඳහා ඔහු මෙලෙස පත් කර ඇති බවයි. එක්දින සහ පන්දුවාර 20 තරගාවලි මෙම සංචාර සඳහා ඇතුළත්.

Read More »

ලාංකික සම්භවයක් ඇති ඩේසි වීරසිංහම් ලෝ ප්‍රකට AP පුවත් සේවයේ මුල් පුටුවට

ඇසෝසියේටඩ් ප්‍රෙස් ජාත්‍යන්තර පුවත් ඒජන්සියේ නව සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩේසි වීරසිංහම් නම් කර තිබේ. මෙම පත්වීම ඉතිහාස ගත වන අතර, මෙම මාධ්‍ය ජාලයට නායකත්වය දුන් ප්‍රථම කාන්තාව, ප්‍රථම ජාත්‍යන්තර පුරවැසියා මෙන්ම සුදු ජාතිකයකු නොවන පළමු පුද්ගලයා ඩේසි වීරසිංහම් වනු ඇත. ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේ වසර 17 ක් සේවය කරන ඇය 51 හැවිරිදි ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. ඇය එම පුවත් ඒජන්සියේ ප්‍රධානි සහ ප්‍රධාන විධායක නිලධාරි ගැරී ප්‍රෘට්

Read More »

වික්ටෝරියා බන්ධනාගාර වෙත ඩ්‍රෝන මගින් තහනම් දෑ ගෙන ඒමට වැට බැඳේ

ඩ්‍රෝන යානා මගින් විවිධ තහණම් ද්‍රව්‍ය බන්ධනාගාර තුළට රැගෙන ඒම වළක්වාලීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ සියලු බන්ධනාගාර වෙත නවීන තාක්ෂණික උපාංග සවිකර තිබේ. මේ සඳහා වැය කර ඇති මුදල ඩොලර් 425,000 කට අධිකය. කොවිඩ් වසංගත තත්වය ආරම්භයත් සමග බන්ධනාගාරවල සිටින රැඳවියන් බැලීම අමුත්තන්ට තහනම් කිරීමටයි වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් කටයුතු කලේ. ඒ අනුව ඩ්‍රෝන මගින් විවිධ ද්‍රව්‍ය රැඳවියන්ට ලබාදීම ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා. මීට පිළියමක් ලෙසයි ප්‍රාන්තයේ සියලු බන්ධනාගාරවලට නවීන තාක්ෂණික මෙවලම් සවි කිරීමට පියවර

Read More »