Day: August 10, 2021

වික්ටෝරියා හිම බලන්න යන අයට අද සිට නව නීති

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන නීති කිහිපයක් අද (10) සිට සංශෝධනය වනවා. හිම බැලීමට සහ හිම ක්‍රීඩා කිරීමට වික්ටෝරියානු හිම කලාප වෙත යන පුද්ගලයින් අදාළ කලාපයට ඇතුළුවීමට පැය 72 ට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක විය යුතුය. ඊට අමතරව; වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල (Regional) වැසියන්ට ඕනෑම හේතුවක් මත නිවසින් බැහැරව යා හැකිය. නමුත් අවසර ලත් හේතුවක් නොමැතිව මෙල්බර්න් නාගරික කලාපයට සංචරණය කළ නොහැකිය. මෙල්බර්න් නාගරික කලාපයට පනවා ඇති lockdown කිරීම තවමත් එලෙසම ක්‍රියාත්මකය.

Read More »

සංගණන දිනය අදයි – ඔබ කල යුතු හා නොකල යුතු දෑ මෙන්න

ඔස්ට්‍රේලියාවේ ජන සංගණනය අද (10) පැවැත්වීමට නියමිතය. සංගණනයට සහභාගී වීම අනිවාර්ය වන අතර සාධාරණ හේතුවක් නොමැතිව එසේ කිරීමට අපොහොසත් වුවහොත්  විශාල දඩ මුදල් ගෙවීමට සිදුවේ. අධ්‍යාපනය – රැකියාව – ආගමික ඇදහීම් – ආදායම – කථා කරන භාෂාව ආදී කරුණු රැසක් පිළිබඳ මෙහිදී තොරතුරු රැස් කෙරේ. 2021 සංගණනයෙන් ඕස්ට්‍රේලියාවේ මිලියන 25 කට අධික ජනතාවගෙන් සහ මිලියන 10 ක නිවාස වලින් දත්ත රැස් කෙරේ. මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචි ලාභීන්, ජාත්‍යන්තර සිසුන්, තාවකාලික

Read More »