සංගණන දිනය අදයි – ඔබ කල යුතු හා නොකල යුතු දෑ මෙන්න

ඔස්ට්‍රේලියාවේ ජන සංගණනය අද (10) පැවැත්වීමට නියමිතය.

සංගණනයට සහභාගී වීම අනිවාර්ය වන අතර සාධාරණ හේතුවක් නොමැතිව එසේ කිරීමට අපොහොසත් වුවහොත්  විශාල දඩ මුදල් ගෙවීමට සිදුවේ.

අධ්‍යාපනය – රැකියාව – ආගමික ඇදහීම් – ආදායම – කථා කරන භාෂාව ආදී කරුණු රැසක් පිළිබඳ මෙහිදී තොරතුරු රැස් කෙරේ.

2021 සංගණනයෙන් ඕස්ට්‍රේලියාවේ මිලියන 25 කට අධික ජනතාවගෙන් සහ මිලියන 10 ක නිවාස වලින් දත්ත රැස් කෙරේ.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචි ලාභීන්, ජාත්‍යන්තර සිසුන්, තාවකාලික වීසා ලාභීන්, සංචාරක වීසා ලාභීන්, කුඩා දරුවන් වැනි සියලුම පුද්ගලයින්ට මේ සඳහා සහභාගී විය හැකිය.

සෞඛ්‍ය, ප්‍රවාහන, පාසල්, යටිතල පහසුකම් ආදි රජයේ වැදගත් තීරණ ගැනීම සඳහා මෙම තොරතුරු භාවිතා කෙරේ.

අදාළ ප්‍රශ්නාවලියේදී අත්වැරදීමකින් වැරදි පිළිතුරක් සටහන් කලහොත් කිසිදු ගැටලුවක් උද්ගත නොවේ.

කෙසේවෙතත් සිතාමතා උපහාසාත්මක පිළිතුරු සටහන් කලහොත් ඩොලර් 2,200 ක දඩයකට යටත්වීමට ඔබට සිදුවේ.

දැනටමත් ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 10 කට වැඩි පිරිසක් ඔන්ලයින් ක්‍රමයට සංගණනයට සහභාගී වී තිබේ.

මෙහිදී ඉංග්‍රීසි භාෂාවට අමතරව නිවසේදී කතා කරන භාෂාව පිළිබද ප්‍රශ්නයට “සිංහල” යනුවෙන් ඇතුල් කිරීමට ඔබට හැකියාව පවතී.

සිංහල භාෂාව කතා කරන පිරිස වැඩි බව සංගණනයෙන් හෙළි වුවහොත් ලාංකික ප්‍රජාවේ විවිධ ප්‍රජා කටයුතු සදහා රජයේ ප්‍රතිපාදන වෙන් කර ගැනීමේදී වාසි අත් වේ.

  • ලාංකික සංස්කෘතික අංග රැක ගැනීමට
  • සිංහල භාෂා පාසල් වැඩි කර ගැනීමට
  • ප්‍රජා මධ්‍යස්ථාන ඉඩ පහසුකම් වැඩි කර ගැනීමට

2021 ඔස්ටේ්‍රලියානු සංගණනය පිළිබඳ සියලු තොරතුරු මෙතැනින්

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »