ලාංකික සම්භවයක් ඇති ඩේසි වීරසිංහම් ලෝ ප්‍රකට AP පුවත් සේවයේ මුල් පුටුවට

ඇසෝසියේටඩ් ප්රෙස් ජාත්යන්තර පුවත් ඒජන්සියේ නව සභාපති සහ ප්රධාන විධායක නිලධාරී ලෙස ශ්රී ලාංකික සම්භවයක් සහිත ඩේසි වීරසිංහම් නම් කර තිබේ.
මෙම පත්වීම ඉතිහාස ගත වන අතර, මෙම මාධ්ය ජාලයට නායකත්වය දුන් ප්රථම කාන්තාව, ප්රථම ජාත්යන්තර පුරවැසියා මෙන්ම සුදු ජාතිකයකු නොවන පළමු පුද්ගලයා ඩේසි වීරසිංහම් වනු ඇත.
ඇසෝසියේටඩ් ප්රෙස් ආයතනයේ වසර 17 ක් සේවය කරන ඇය 51 හැවිරිදි ශ්රී ලංකාවේ සම්භවයක් ඇති බ්රිතාන්ය පුරවැසියෙකි.
ඇය එම පුවත් ඒජන්සියේ ප්රධානි සහ ප්රධාන විධායක නිලධාරි ගැරී ප්රෘට් විශ්රාම ගැනීමෙන් පසුව 2022 ජනවාරි 1 දා සිට එහි මුල් පුටුවේ අසුන් ගැනීමට නියමිතය.
“අපක්ෂපාතී, සත්ය ප්රවෘත්ති ප්රභවයක් ලෙස ඒපී හි ඇති වැදගත්කම අධිතක්සේරු කළ යුතු නැති වුවද අපේ පුවත් සෑම දිනකම ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා ළඟා වන බව කිව යුතුය. ”යනුවෙන් ඩේසි වීරසිංහම් ලිඛිත ප්රකාශයක් කළේය.
“මා ඉතාමත් ගෞරවයෙන් සලකන මෙම ප්රවෘත්ති සංවිධානයේ නායකත්වය ගැනීම සහ අපගේ මෙහෙවරට සහයෝගය දැක්වීම සඳහා සෑම දිනකම විශාල වැඩකොටසක් කරන සගයන් සමඟ වැඩ කිරීම ගැන මම මහත් සේ සතුටු වෙමි.
ගැරී මේ ගමනේදී මගේ සැබෑ ශූරයෙක් වූ අතර ඔහුගේ සහයෝගය මම අවංකවම අගය කරමි. ” ඇය කීිවාය.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »