වික්ටෝරියා බන්ධනාගාර වෙත ඩ්‍රෝන මගින් තහනම් දෑ ගෙන ඒමට වැට බැඳේ

ඩ්‍රෝන යානා මගින් විවිධ තහණම් ද්‍රව්‍ය බන්ධනාගාර තුළට රැගෙන ඒම වළක්වාලීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ සියලු බන්ධනාගාර වෙත නවීන තාක්ෂණික උපාංග සවිකර තිබේ.

මේ සඳහා වැය කර ඇති මුදල ඩොලර් 425,000 කට අධිකය.

කොවිඩ් වසංගත තත්වය ආරම්භයත් සමග බන්ධනාගාරවල සිටින රැඳවියන් බැලීම අමුත්තන්ට තහනම් කිරීමටයි වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් කටයුතු කලේ.

ඒ අනුව ඩ්‍රෝන මගින් විවිධ ද්‍රව්‍ය රැඳවියන්ට ලබාදීම ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා.

මීට පිළියමක් ලෙසයි ප්‍රාන්තයේ සියලු බන්ධනාගාරවලට නවීන තාක්ෂණික මෙවලම් සවි කිරීමට පියවර ගෙන ඇත්තේ.

කිලෝමීටර් 50 ක් දුරක සිට ඩ්‍රෝන හඳුනාගැනීමට මෙම අධි සංවේදි ඇන්ටනා සතුව හැකියාව පවතිනවා.

ඊට අමතරව ඩ්‍රෝන ක්‍රියාකරු සිටින ස්ථානය නිවැරදිව හඳුනාගැනීමටද ඊට හැකිවීම විශේෂත්වයක්.

2019 දී ඩ්‍රෝන අවභාවිත සිදුවීම් 19 ක් වාර්තා වූ අතර එය 2020 දී සිදුවීම් 177 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

 

pic – 9News

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »