Day: July 21, 2021

BMW – Audi මෝටර් රථ 02 ක් සොරා ගත් Cranbourne හා Dandenong 03 ක් අල්ලයි

BMW සහ Audi වර්ගයේ සුපිරි මෝටර් රථ 02 ක් සොරා ගත් අවුරුදු 17 ක තරුණයෙකු / 17 ක තරුණියක සහ 14 ක පිරිමි ළමයෙකු වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. Hastings සිට Geelong දක්වා ධාවනය කරමින් තිබියදී අද පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණ. Balwyn North හි Lemon Road හිදී Audi මෝටර් රථය ඊයේ රාත්‍රියේ සොරකම් කර ඇති අතර Braeside හිදී BMW මෝටර් රථය සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ. Monash Freeway, Westgate Freeway හා

Read More »

එන්නත්කරණයේදී ඔස්ටේ්‍රලියාව ප්‍රධාන ඉලක්කයක් ජයගනී

එන්නත්කරණයේදී පසුගිය සතියේදී ඔස්ටේ්‍රලියාව විසින් ප්‍රධාන ඉලක්කයක් ජයගත් බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා. ඒ දින 07 ක් තුළ එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් ලබාදී අවසන් කිරීමයි. එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ගැටලු රැසකට මුහුණපෑමට සිදුවූ බවයි අද පැවති මාධය හමුවකදී අගමැතිවරයා කියාසිටියේ. කෙසේවෙතත් ලබන සතියේ සිට සතිපතා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියනයක් බැගින් ලැබීමට නියමිතව ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. තත්වය හමුවේ රැකියා නොමැතිව සිටින පිරිස් වෙනුවෙන් ලබාදෙන 375 සහ 600 දීමනා ලබාගැනීම වෙනුවෙන් සතියකට අයදුම්පත් 70,000

Read More »

බලපත්‍ර නොමැතිව වික්ටෝරියා වෙත ඇතුලුවූ removalists 03 දෙනෙකු අත්අඩංගුවට

නිසි බලපත්‍ර නොමැතිව Greater Sydney සිට වික්ටෝරියා ප්‍රාන්තය වෙත ඇතුලුවූ removalists 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Mildura පොලිසිය විසින් Irymple ආසන්නයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කලේ. මොවුන් වයඹ දිග වික්ටෝරියා හි සිටින බවට ලද තොරතුරකට අනුවයි අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. මෙම 03 දෙනාට එරෙහිව චෝදනා ගොණු කිරීමට පියවර ගන්නා බවද වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේය. සිඩ්නි සිට ඇඩිලේඩ් දක්වා ගමන් ගත් 02 දෙනෙකු මෙල්බර්න් හිදී රාත්‍රිය ගත කිරීමත් ඔවුන්ගෙන් පිරිසකට වෛරසය ආසාධනය

Read More »

NSW කොවිඩ් පොකුරට තවත් ආසාධිතයන් 110 ක්

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 110 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ ඊයේ සිදුකල පරීක්ෂණ 84,000 කට වැඩි සංඛ්‍යාවක් අතුරිනි. මින් 43 දෙනෙකු පමණ වෛරසය ආසාධනය වී තිබියදී සමාජයේ සැරිසරා ඇතැයි තහවුරු කරගත් බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian සඳහන් කලාය. https://twitter.com/NSWHealth/status/1417652076247584774?s=20  

Read More »

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රජාව අතරින් ආසාදිතයින් 22 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 22 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මෙම කොවිඩ් රැල්ලේදී මේ දක්වා දිනයකදී වාර්ථා වු වැඩිම ආසාදිථයන් ගණන මෙයයි. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 118 කි. ඊයේ දිනයේදී (20) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 59, 355  ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 18,099 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1417616656826654727?s=20

Read More »