Search

එන්නත්කරණයේදී ඔස්ටේ්‍රලියාව ප්‍රධාන ඉලක්කයක් ජයගනී

එන්නත්කරණයේදී පසුගිය සතියේදී ඔස්ටේ්‍රලියාව විසින් ප්‍රධාන ඉලක්කයක් ජයගත් බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ඒ දින 07 ක් තුළ එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් ලබාදී අවසන් කිරීමයි.

එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ගැටලු රැසකට මුහුණපෑමට සිදුවූ බවයි අද පැවති මාධය හමුවකදී අගමැතිවරයා කියාසිටියේ.

කෙසේවෙතත් ලබන සතියේ සිට සතිපතා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියනයක් බැගින් ලැබීමට නියමිතව ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

තත්වය හමුවේ රැකියා නොමැතිව සිටින පිරිස් වෙනුවෙන් ලබාදෙන 375 සහ 600 දීමනා ලබාගැනීම වෙනුවෙන් සතියකට අයදුම්පත් 70,000 ක් පමණ ලැබෙන බවද අගමැති මොරිසන් සඳහන් කර සිටියා.

 

Pic – 9News

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »